මෙරට ඇති සම්පත් ප‍්‍රයෝජනයට ගනිමින් රට නිවැරදි මාවතට රැගෙන යා හැකි එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බව එම පක්ෂය පවසනවා.
එහි ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මේ බව ප‍්‍රකාශ කළේ එම පෙරමුණේ හලාවත ආසන බල මණ්ඩල රැස්වීම අමතමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් සඳහන් කළේ “වසර 71ක් තිස්සේ මේ කරත්තය ඇදගෙන ආවේ එක්කො කොළ පාට ගොනෙක් නැත්නම් නිල්පාට ගොනෙක්. අන්තිම අවුරුදු තුනේ කොළපාට නිල්පාට ගොන්නු දෙන්නම එකතු වෙලා කරත්තය ඇද්දා. එහෙම ඇදලත් දැන් ඇදගන්න බෑ. රට ආර්ථික වශයෙන් බංකොලොත් කියලා ජනාධිපතිවරයා කියනවා. මේක තමයි තත්ත්වය.” යනුවෙනි.