රට ගිනි තැබු මහනුවර ගැටුමට සම්බන්ධ මහින්දගේ මන්ත්‍රීන් දෙදෙනා ශ්‍රිලනිපයෙන් දොට්‌ට !

රට ගිනි තැබු මහනුවර ගැටුමට සම්බන්ධ මහින්දගේ මන්ත්‍රීන් දෙදෙනා ශ්‍රිලනිපයෙන් දොට්‌ට !
Spread the love

මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ඇතිවූ ජාතිවාදී ගැටුම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මන්ත්‍රීන් දෙදෙනාගේ පක්‌ෂ සාමාජිකත්වය තහනම් කිරිමේ යෝජනාවක්‌ ඉදිරි ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බව “දිවයින” පුවත්පත වාර්තා කරයි.

සිංහල, දෙමළ, මුස්‌ලිම් සියලුම ජාතීන් නියෝජනය කරන ජාතික දේaශපාලන පක්‍ෂයක්‌ වන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට ජාතිවාදී ලේබලය ඇලවීමට කිසිවකුට ඉඩදිය නොහැකි බවද එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ ස්ථාවරය වී ඇත.

පොලිස්‌ පරීක්‍ෂණවලින් එම මන්ත්‍රීවරුන් දෙදෙනා වැරැදිකරුවන් බව ඔප්පු වුවහොත් ඔවුන්ට දැඩි දඬුවම් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කර තිබේ.

මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියාවලට එම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සම්බන්ධ බව කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි. ඔහු එබව සඳහන් කලේ පසුගිය බදාදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. 

ජනාධිපතිගෙන් කමිටුවක් :

මෙවැනි චෝදනා සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, මහනුවර ප්‍රදේශයේ පැතිර ගිය ආගමික පදනමකින් යුත් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම පිණිස විශ්‍රාමික විනිශ්චයකාරවරුන් තිදෙනෙකුගෙන් සමන්විත ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කිරීමට තීරණය කර ඇත.

ප්‍රචණ්ඩ ක්‍රියාවලට තුඩු දුන්නේ කවර හේතූන් ද, දේපළවලට සිදු වූ හානිය සහ ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් පවතින්නේ දැයි යන්න මෙන්ම යළිත් වරක් මෙවැනි ගැටුමක් ඇතිවීම වළක්වන්නේ කෙසේ දැයි යන්න ද කොමිෂන් සභාව විසින් විමසා බලනු ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.