රට ගිනි තියන බොරු පතුරන බුකියේ ජාතිවාදින්ට වැඩ වරදී.. මහනුවර අම්පාර අලුත්ම තතු විත්ති මෙන්න..

රට ගිනි තියන බොරු පතුරන බුකියේ ජාතිවාදින්ට වැඩ වරදී.. මහනුවර අම්පාර අලුත්ම තතු විත්ති මෙන්න..
Spread the love

Breaking News Update………………………..

විවිධ අන්තවාදි දේශපාලකයන්ගේ පටු අරමුණු අනුව යමින්  මුහුණුපොත තුල ජාතිවාදය පතුරවමින් සහ ජාතිවාදය ඇවිස්සීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරන අසත්‍ය පතුරවමින් ජාතින් අතර සංහිදියාවට බාධා ඇති කල පුද්ගලයන් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව අපට වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනා හදිසි නිතිය යටතේ බන්ධනාගාර ගතකිරිමට නියමිත අතර හදිසි නිතිය යටතේ ඔවුන්ව කිසිදු නඩු විභාගයකින් තොරව ජිවිතාන්තය දක්වා වුවද සිරගත කල හැකි බව අප සිදුකල විමසුමකදි නීති විශාරදයෙක් අපට පැවසීය…
 

“නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙක් , පොලිස් අධිකාරීවරු තිදෙනෙක් මෙහෙයවයි” විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් නුවරට .!

නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකුගෙන් හා පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් මහනුවර ප්‍රදේශයට පිටත් කළ හැරි බව පොලිස් මූලස්ථානය පවසනවා.
 
ඔවුන් සමඟ පොලිස් කණ්ඩායම් තුනක් එම ප්‍රදේශයට පිටත්ව ගොස් ඇත. 
 
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ද එම ප්‍රදේශයට පිටත් කර ඇතැයිද ආරංචි මාර්ග සදහන් කරනවා.
 
ප්‍රදේශයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ අරමුණින් පොලිස්පතිවරයා මෙම කණ්ඩායම් පිටත් කර හැරි බව පොලිස් මූලස්ථානය පවසනවා.
 
මේ අතර සහකාර පොලිස් අධිකාරීවරයකුගෙන් සමන්වති රහස් පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් මේ වන විටත් විමර්ශන ආරම්භ කර තිබේ.

සමාජ ජාලවල අසත්‍ය පතුරන අයට වැටබදින්නේ මෙහෙමයි…
ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සිදු කෙරෙන ජාතිවාදී සහ ආගම්වාදී ප‍්‍රචාර වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙකු පැවසුවේ මේ දිනවල ඒ සම්බන්ධයෙන් දැඩිව අධීක්ෂණය කරන බවයි. ජාතිවාදී සහ ආගම්වාදී ප‍්‍රචාර පතුරුවා හරින පුද්ගලයින් හඳුනා ගැනීම එහි එක් අරමුණක්. එවැනි පුද්ගලයින්ට එරෙහිව පියවර ගැනීමටද හැකි බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අවස්ථාවක සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන ජාතිවාදී සහ ආගම්වාදී ප‍්‍රචාර වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳ අප පොලීසියෙන් විමසීමක් කළා.

එහිදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ “සමාජ මාධ්‍ය ජාලා හෝ වෙනත් සන්නිවේදන ක්‍රම ඔස්සේ අසත්‍ය තොරතුරු, භීතිය, අප්‍රසාදය ඇතිවන ආකාරයට..ඒ වගේම සංහිඳියාවට බාධා එල්ල වන ආකාරයට එවැනි තොරතුරු සම්ප්‍රේෂණය කිරීම වැලැක්වීමට සුදුසු පියවර ගැනීමේ බලය රාජ්‍ය නිලධාරීන්ට වගේම ව්‍යවස්ථාපිත ආයතනවලටත් මේ යටතේ පැවරෙනවා.” යනුවෙනි.

මේ අතර වර්තමානයේ පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ රාති‍්‍රයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි දේශපාලන ආරංචි සඳහන් කළේ. ඒ සඳහා හමුදා මාණ්ඩලික ප‍්‍රධානියා හා පොලිස්පතිවරයාද පැමිණි බවද වාර්තා වුණා.

මහනුවර අන්තර්ජාලය අත්හිටුවයි……

මේ අතර ඩයලොග් ආයතනය විසින් සිය නිල ටුවිටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ අන්තර්ජාල ප්‍රවේශ හැකියාව සීමා කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිසම අදාළ සේවා සැපයුම් ආයතන වෙත දැනුම් දුන් බව පැවසුවද  මේ වනවිට රට පුරා ප්‍රදේශ රැසක මෙම අවහිරතාවය ඇතිවී තිබේ. 

රටපුරා හදිසි නීතිය ප්‍රකාශයට පත්කර ඇති අතර සමාජජාල හරහා ගැටුම් උත්සන්න වීමට අනුබල දෙන ආකාරයේ අදහස් හුවමාරුවීම් සිදුවන බැවින් එය වැලැක්වීමට රජය මෙම පියවර ගෙන තිබේ. 

මහනුවරට යලිත් ඇදිරි නීතිය

මහනුවර පරිපාලන දිස්ති‍්‍රක්කයට මේ වන විට යළි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

මේ පිළිබඳව අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ නැවත දැනුම් දෙන තුරු මෙම පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනු ඇති බවයි.

මේ අතර එම ප්‍රදේශවලින් සුළු සිදුවීම් කිහිපයක් වාර්තා වෙන බවද සඳහන් කළා.