
විදෙස්ගතවීමට ඒජන්සියකට පැමිණි කතකගේ ජංගම දුරකථනයකට අසභ්‍ය වීඩියෝ දසුන් සහිත පණිවුඩ හා අසභ්‍ය වදන් සහිත කෙටිපණිවුඩ යවා වරද පිළිගත් අයෙකුට දඬුවම් නියම කර තිබේ.
කුලියාපිටිය මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා විසින් එම නියෝගය ලබා දී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
එම නඩුව එළැඹෙන ජනවාරි මස 15 දා නැවත කැඳවන ලෙසට කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
එලෙස අදාළ චෝදනාව හමුවේ වරද පිළිගෙන තිබුණේ කඩවත ප්‍රදේශයේ විදේශ සේවා ඒජන්තවරයෙකු වශයෙන් කටයුතු කරන ජාකොබ් මහේෂ් නැමැත්තෙකි.
පැමිණිලිකාරිය අදාළ ඒජන්සියෙන් විදෙස්ගතවීමට ගොස් සිටියදී තම ජංගම දුරකථනයට දිගින් දිගට අසභ්‍ය දසුන් රැගත් ඡායාරූප වීඩියෝ දසුන් හා ලිංගික හැසිරීම් වලට ආරාධනා කෙරෙන කෙටි පණිවුඩ සැකකරු විසිනු එවා ඇතිබවට පැමිණිළි කොට තිබිණ.
මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් කුලියාපිටිය පොලිසියේ සැරයන් දයාරත්න(58527) මහතා සමඟින් නීතිඥ චන්දන යාපා මහතා පෙනීසිටි අතර නීතිඥ කාංචනා මහත්මිය සැකකරු වෙනුවෙන් පෙනීසිටියේය.
