රට වසා දැමීමක් නැහැ – යුද්ධ හමුදාපති

රට වසා දැමීමක් නැහැ – යුද්ධ හමුදාපති
Spread the love

උග්‍ර වෙමින් පවතින කොවිඩ්-19 ව්‍යාප්තිය හමුවේ රට වසා දැමීම සදහා මේ දක්වා තීන්දුවක් ගෙන නැතත් ඉදිරියේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමේ සූදානමක් පවතින බව කොවිඞ් පාලන මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.

පළාත් අතර සංචරණ සීමා පැනවීම සඳහා මේ වන විට අවධානය යොමුව ඇත්තේ විනෝද චාරිකා, උත්සව වැනි අත්‍යාවශ්‍ය නොවන ගමන් බිමන්වල යෙදෙන ජනතාව ඉන් වළක්වා කොවිඞ් වසංගත ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා බව ද යුධ හමුදාපතිවරයා ප‍්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ යුද්ධ හමුදාපතිවරයා, ‘විශේෂයෙන්ම බස්නාහිර පළාත සහ කොවිඞ් වසංගතය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින පළාත්වල මෙම සංචරණ සීමා පැනවීමට හැකියාව තිබෙනවා. නමුත් කිසිදු අයුරකින් රට වසා දැමීමේ සූදානමක් මෙතෙක් ගෙන නැහැ. මේ ආකාරයෙන් පළාත් අතර සංචරණ සීමා පැනවුවද අත්‍යාවශ්‍ය සේවා, භාණ්ඩ, ඇඟලූම් කර්මාන්ත ශාලාවට අවශ්‍ය අමුද්‍රව්‍ය, වරාය ආශ්‍රීත කර්මාන්ත සම්බන්ධ සේවා වැනි රටේ ජනතාවගේ ජීවනෝපාය මාර්ගයන්ට අදාළ ප‍්‍රවාහන සේවා සදහා එය අදාළ වන්නේ නැහැ.