විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවට ජනාධිපතිවරයා විසින් ශ්‍රිලංනිප කණ්ඩායමට කරුණු පැහැදිලි කළ බවට වන ප්‍රවෘත්තිය අසත්‍ය බවත් ඒ සම්බන්ධයෙන් වන කරුණු හා ඉදිරි සැලසුම් පිළිබදව වන සකච්ඡාවක් මේ මොහොතේ පැවැත්වෙන අතර විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරන පරිදි විශ්වාසභංගයේදී පක්ෂව ඡන්දය භාවිතා කරන ලෙස ජනපති මෛත්‍රි නියෝග කර ඇත…
කැබිනට් මණ්ඩලයට පසුව එජාප මන්ත්‍රි කණ්ඩායම හා ශ්‍රි ලනිප කණ්ඩායම සමග විශේෂ සාකච්ඡාවක් සිදු කරන බව ජනාධිපති වරයා විසින් දැනුම් දී ඇති බව එජාප ප්‍රබල ඇමතිවරයෙකු අනාවරණය කොට සිටී.
කෙසේ නමුත් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංගය පිලිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දුන් බව බව වාර්තා වේ.

