රට හෙල්ලූ බැඳුම්කරය ගැන ජනපති මෛත්‍රීගෙන් විශේෂ ප්‍රකාශයක් 03දා..

රට හෙල්ලූ බැඳුම්කරය ගැන ජනපති මෛත්‍රීගෙන් විශේෂ ප්‍රකාශයක් 03දා..
Spread the love
බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ වාර්තාව පිළිබඳව ජනාධිපතිවරයා (03) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. 

ජනාධිපති මෛත්‍රීපාල සිරසේන මහතා එහිදී එම වාර්තාව ක්‍රියාත්මක කිරීමට නිර්දේශ කර ඇති කරුණු සම්බන්ධයෙන්ද අදහස් දැක්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ. 
තමන් මාධ්‍ය වෙත සිදු කරන මෙම ප්‍රකාශය පිළිබඳව ජනාධිපතිවරයා සිය ට්විටර් ගිනුමේද සටහනක් තබා තිබෙනවා. 
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දෙනු ලැබුවේ ඉකුත් 30 වැනිදායි.
ඒ කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ ටී චිත්‍රසිරි විසින්.  
2015 – 2016 අතර කාලසීමාවේදී සිදු වූ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත් කළේ මෙම වසර මුලදීයි.