බස්‌නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලා සිටි රුපියල් මිලියන 64 ක මුදලට අදාළ චෙක්‌පත් ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසට ලබාදුන්නේ කැමැත්තෙන් නෙමෙයි. නමුත් එල්ල වූ බලපෑම් අනුව එම චෙක්‌පත් ලබාදීමට තමාට සිදුවූයේ යෑයි ශ්‍රී ලංකා ටෙක්‌නොලජිස් සමාගමේ විධායක අධ්‍යක්‌ෂ ක්‍රිස්‌ටියන් ගිහාඩ් මෙන්ඩිස් නමැත්තා ඊයේ (12 දා) කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.
අකමැත්තෙන් එම මුදලට අදාළ චෙක්‌පත් ලබාදුන්නත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි නොකළේ ප්‍රබල දේශපාලනඥයකු වන ඔහු වැනි අයකු සමඟ ගැටුම් ඇතිකර ගැනීමෙන් සිය පවුලේ සාමාජිකයන්ට එල්ලවිය හැකි ජීවිත තර්ජන නිසා වන්නේ යෑයි ද සාක්‌ෂිකරු අධිකරණය ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.
ව්‍යාපාරිකයකුට බලපෑම් කොට රුපියල් මිලියන 64 ක මුදලක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ප්‍රධාන අමාත්‍ය ගම්පහ දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ඔහුගේ බිරිඳ මොරින් ස්‌ටෙලා රණතුංග හා ඇගේ ඥතියකු වන නරේෂ් කුමාර් පායිස් නමැත්තාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්‌ෂි විභාගය ඊයේ (12 දා) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ කෙරිණි. අධිකරණයේ නියෝගය පරිදි මහාධිකරණ භාෂණ පරිවර්තක ශිවන්ති රුහුණුහේවා මෙනවිය විසින් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා කියවා දුන්නේය.
ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකරුවන් දෙදෙනා එම අධි චෝදනාවලට නිවැරදිකරුවන් බව ප්‍රකාශ කළ අතර තුන්වැනි විත්තිකාර නරේෂ් කුමාර් පායිස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිය සේවාදායකයා වෙනුවෙන් නිවැරදිකරු බව ප්‍රකාශ කළේය. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‌ෂි ලබාදුන් සාක්‌ෂිකරු මෙසේ ද ප්‍රකාශ කළේය.
මගේ සමාගමේ අධ්‍යක්‌ෂවරියක් ලෙස මගේ බිරිඳ කටයුතු කරනවා. අධි තාක්‌ෂණික උපකරණ සැපයීම, බැංකු කටයුතුවලට සී. සී. ටී. වී. සැපයීම කරනවා. මම මෙම ව්‍යාපාරය 1993 ඔක්‌තෝබර් මාසයේ ආරම්භ කළා. පිටකෝට්‌ටේ එහි කාර්යාලය තිබෙනවා. මම පදිංචි මොරටුවේ දැන් මගේ ආයතනය අසලම නිවසක් හදාගෙන මම පදිංචිව සිටිනවා.
මම මෙම නඩුවේ පළමු විත්තිකරු හා දෙවැනි විත්තිකරු හඳුනනවා. මෙම ඉඩම් ගනුදෙනුවට පෙර ගිහාන් සොයිසා යන මිතුරා මගින් මොවුන්ව හඳුනාගත්තා.
නි. සො. ජ. – මොන ආකාරයේ ඉඩම් ගනුදෙනුවක් ගැන ද ඔබ පළමු වැනි විත්තිකරු සමඟ ගනුදෙනු කළේ?
සාක්‌ෂිකරු – මගේ රියෑදුරු ලෙස කටයුතු කළ අයගේ වුවමනාව මතයි මම මෙම ඉඩම් ගනුදෙනුවට සම්බන්ධ වුණේ. 28/9 මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි අක්‌කර දෙකයි දශම දෙකක් විශාලයි එම ඉඩම. 2013.09.20 වැනිදා අජිත් පැස්‌කුවල් යන අයගෙන් එම ඉඩම මම මිලදී ගත්තා. ඔහු මගේ ආයතනයේ වසර 13 රියෑදුරු ලෙස කටයුතු කළා. පැස්‌කුවල්ගේ වාහනය මගේ ආයතනයේ කටයුතුවලට පාවිච්චි කළා. මම එම ඉඩම ටෝකියෝ සමාගමට 2015 අප්‍රේල්වල විකුණුවා. එම ඉඩමේ ඔප්පුව මට දැක්‌කොත් හඳුනාගන්න පුළුවන්. එම සමාගමේ නීතිඥවරුන් තමයි මේ ගැනුම්කර ඔප්පුව ලිව්වේ.
පැස්‌කුවල්ගෙන් මම එම ඉඩම මිලදී ගත්තේ ඔහුගේ පුතෙක් රෝගීව සිටියා, ඔහුට ඔස්‌ටේ්‍රලියාවේ ඉගෙනුම ලබන්න යන්න මුදල් ඕන වුණ නිසයි. ඔහු පදිංචිව සිටියේ නුගේගොඩ.
මම එම ඉඩම මිලදී ගත්තේ අයිතිකරුවන් 21 දෙනෙක් සිටියා. ඔවුන් සමඟ ඔහු ඇතිකර ගත්තු ගිවිසුම අනුවයි. ඒක ඔහුටම අයිති ඉඩමක් නෙමෙයි. ඉඩමට ඇතුළුවන ප්‍රදේශයේ තවත් පවුල් 23 අනවසරෙන් පදිංචිවෙලා හිටියා. මම ඒක මිලදී ගත්තත් මට ඒකට ඇතුළුවෙන්න බැරිවුණා. අර අනවසර පදිංචිකරුවන් සිටි නිසා. ගිහාන් සොයිසා යන අය පොරොන්දු වී තිබුණා අර අනවසර පදිංචිකරුවන් අයින් කරන්න. හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවකදී කොල්ලුපිටියේ ඔහුගේ නිල නිවසේ. අජිත් පැස්‌කුවල් කළ බලපෑම් හා ඉල්ලීම් නිසයි මම එම ඉඩම මිලදී ගත්තේ.
මහ ඇමැතිතුමා සමඟ ගිහාන් සොයිසා ඇතිකරගත් ගිවිසුම අනුව එම ඉඩම මම මිලදී ගත්තා. එම වත්ත මිලදී ගන්න මාස හයකට පමණ පෙර තමයි එම සාකච්ඡාව ඇතිවුණේ.
නි. සො. ජ. – ඔබ එම විත්තිකරුව කලින් දැනගෙන හිටියාද?
සාක්‌ෂිකරු – නෑ, ස්‌වාමිනී එම සාකච්ඡාවට මම, අජිත් පැස්‌කුවල් හා ගිහාන් සොයිසා හිටියා.
නි. සො. ජ – නරේෂ් පාරිස් කියන්නේ කවුද?
සාක්‌ෂිකරු – මේ නඩුවේ තුන්වැනි විත්තිකරු.
නි. සො. ජ. – ඔබ තුන්වැනි විත්තිකරුව කලින් දැනගෙන හිටියාද?
සාක්‌ෂිකරු – රේඩාර් උපකරණ වෙනුවට ලේසර් උපකරණ සැපයීමේ කටයුතු නිසයි මම සොයිසාව හඳුනාගත්තේ. ලංකා බැංකුවට, ජාතික ඉතිරි කිරීමේ බැංකුවට මම නව අධි තාක්‌ෂණ උපකරණ සැපයුවා. නරේෂ් පාරිස් නමැත්තා ප්‍රසන්න රණතුංග මහතාගේ ළඟම ඥතියෙක් බව පසුව දැනගත්තා.
නි. සො. ජ. – ඔබ පළමුවරට එම ඉඩමේ අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම ගැන සාකච්ඡා කළේ කවදාද?
සාක්‌ෂිකරු – ප්‍රථමයෙන් අජිත් පැස්‌කුවල් තමයි ඒ ගැන කතා කළේ. ඔහුට පොරොන්දු වුණේ මහ ඇමැති උදව් නොකළ නිසා මට උදව් කරන්න කියලා අජිත් පැස්‌කුවල් කීවා. ගිහාන් සොයිසා එම අනවසර පදිංචිකරුවන් ඉවත් කරන්න පොරොන්දු වුණ බව ඔහු කීවා.
ඉඩම මිලදීගත්තේ 2013/9/20, 2013/10/30 මට මහ ඇමැති කීවා සමුපකාර ගබඩාව හා කන්ටේනර් පර්යන්තය සඳහා පළාත් සභාවට එම ඉඩම ගන්න ඕන කියලා. අනවසර පදිංචිකරුවන් පදිංචිකරන්න පර්චස් 40 මිලදීගෙන මගේ වියදමින් ගෙවල් 25 හදලා දෙන්න කියලත් ඔහු කීවා.
හිටපු මහ ඇමැතිතුමාට තමයි ඉඩම් ගැන කටයුතු කරන්න බලය තිබ්බේ. මම ඉඩම මිලදී ගන්න පෙර ඔහු අනවසර පදිංචිකරුවන් ඉවත් කළා. එක අනවසර පදිංචිකරුවකුට මම රුපියල් 25,000 බැගින් ගෙව්වා. පාර සුද්ධ කරන්න ගිය විට තමයි මම දැනගත්තේ ඒක වගුරු බිමක් කියලා.
නි. සො. ජ. – පළමුවන විත්තිකරු කිව්ව පරිදි ඔබ එම පර්යන්තය හැදුවද?
සාක්‌ෂිකරු – වැඩ පටන්ගනිද්දි තමයි මම දැනගත්තෙ ඒක වගුරු බිමක් කියලා. ඒ වනවිට මම මිලියන 19 ක් වැයකර තිබුණ නිසා මට අකමැත්තෙන් හෝ එම වත්ත මිලදී ගන්න සිදුවුණා. වගුරු බිම පුරවන්න ඉඩම් ගොඩ කිරීමේ කාර්යාලයෙන් අවසර ගන්න වුණා. 2014 මට එම අවසර ලැබුණා. හිතුවට වඩා ගැඹුරු නිසා ඒක පුරවන්න වසරක් විතර ගියා. පර්චස් එකක් පිරවීමට රු. 5,000 ගෙවන්න වුණා රජයට. ඉඩම ගොඩකරන්න රු. මිලියන 90 ක් විතර වැයවුණා. ණය අරගෙන තමයි මම එම කටයුතු කළේ. පළාත් සභාවෙන් මට දුන්න ලිපිය එනම් පළාත් සභාවෙන් එම ඉඩම රජය තක්‌සේරු මුදලට කුලී පදනම මත ඒක ගෙවන්න කිව්වා.
2015 තමයි ඒක පුරවල ඉවර කරන්න පුළුවන් වුණේ. මම මූල්‍ය වශයෙන් අපහසුතාවට පත් වී තිබුණ නිසා මම එම ඉඩම විකිණීමට තීරණය කළා. ඒ ඉඩම මැද්දෙන් රේල් පාරක් හදන්න පර්චස් 80 වෙන්කළ බව දැනුම් දුන්නා.
ඉඩම පිරවීම ගැන 14/1/16 වැනිදා මට දෙවැනි ලිපිය එව්වා. 14/1/14 නරේෂ් පාරිස් මට කීවා අයියට වාසියක් වෙන පොඩි ගැරන්ට් එකක් ඕන කියා. නරේෂ් පළමුවැනි විත්තිකරුගේ බිරිඳගේa ඥතියෙක් බව මම එහිදී දැනගත්තේ.
ඒක ඉදිරියට කරගෙන යන්න අවබෝධතා ගිවිසුමක් හදමු කීවා.
බන්දුල පෙරේරා කියන නීතිඥ මහතා ඒක හැදුවා. දෙවැනි ලිපිය ඇවිත් 2014/1/14 එම ගිවිසුම අත්සන් කළා. ශිවන්ති වනිගසේකර (2) පාර්ශ්වය. එම අවබෝධතා ගිවිසුම අත්සන් කරලා වසරකට පමණ පසුව මම එම ඉඩම විකුණන්න පියවර ගත්තා.
අවබෝධතා ගිවිසුම අනුව විකිණීමේ බාධාවක් තිබුණේ නෑ. එම ගිවිසුම තිබුණේ වසර පහක කාලයකට පළාත් සභාවට කුලී පදනම මත ලබාදීමටයි. ප්‍රසන්නගේ මිතුරකු වන ගුණරත්න යන අය ටෝකියෝ සමාගම සමඟ බ්‍රොaකර් වැඩේ කළා. සිමෙන්ති මිශ්‍ර කිරීමේ පර්යන්ත හදන්න තමයි ඒක ටෝකියෝ සමාගම ගන්න හැදුවේ. පළමු විත්තිකරු තමයි එම ඉඩම විකුණන්න බ්‍රොaකර්වරයකු ලෙස ඔහුගේ මිතුරකු යෙදෙව්වේ. පළමු වැනි විත්තිකරුට හා අජිත් පැස්‌කුවල් යන අයට මම කිව්වා කිසිම ආදායමක් නැති නිසා ඒක විකුණන බව පොරොන්දු පරිදි ඉඩම ගොඩකිරීමට නොහැකි වීම හා ඉඩමේ වටිනාකම පිළිබඳව ඇතිවූ ගැටලු නිසා මම එම ඉඩම විකුණන බව පළමු වැනි විත්තිකාර ප්‍රසන්න රණතුංග මහතාට කීවා. රුපියල් මිලියන 204.8 කට එම ඉඩම ටෝකියෝ සිමෙන්ති සමාගමට විකුණන්න මම පොරොන්දු වුණා. එල්. ඕ. සී. ආයතනයෙන් හා කොමර්ෂල් ආයතනයෙන් මම ණය ලබාගෙන තිබුණ නිසා ටෝකියෝ සිමෙන්ති ආයතනය ලබාදුන් එම සම්පූර්ණ මුදලම එම සමාගම් දෙක ලබා ගත්තා. තැරැව්කරු ගුණරත්න යන අයට සම්පූර්ණ විකුණුම් මුදලින් සියයට තුනක් ගෙවන්න ඕනෑ. ඉන් සියයට 50 ක මුදලක් මුලින් ගෙව්වා. ඉතුරු සියයට 50 ට චෙක්‌පත් දුන්නා.
ඉඩම විකුණුම් ගිවිසුම අත්සන් කරන විට නරේෂ් පාරිස් නමැත්තා එහි සිටියා.
නි.සො.ජ. – ඒක විකුණුවේ කොහේදිද?
සාක්‍ෂිකරු – ටෝකියෝ සිමෙන්ති ආයතනයේදී.
නි.සො.ජ. – ඔබ ඒ ගැන පළමුවැනි විත්තිකරුට දැනුම් දුන්නාද?
සාක්‍ෂිකරු – මම ටෙලිෙµdaන් එකෙන් කීවේ නෑ. නමුත් නරේෂ් පාරිස් එතන හිටියා ඔහු ඒ ගැන කියලා තියෙනවා.
තුන්වැනි විත්තිකරු වන නරේෂ් පාරිස් එම විකුණුම් ගිවිසුමේ සාක්‍ෂිකරුවකු ලෙසත් අත්සන් කළා.
නි.සො.ජ. – ඔබ ඉඩම ටෝකියෝ සමාගමට විකුණුවාට පසු 15.4.7 වැනිදා විකුණුවාට පසු තුන්වැනි විත්තිකරු කතා කළාද?
සාක්‍ෂිකරු – ඔව් ඔහු කීවා මාව හමුවෙන්න ඕනෑ කියලා. මට දුරකථනයෙන් කතා කරලා කීවා ඔහු රට යනවා කීවා. ප්‍රසන්න රණතුංග හමුවෙන්න කීවා. 10 වැනිදා චෙක්‌පතක් අරගෙන මහ ඇමැති නිල නිවසේදී පළමු වැනි විත්තිකරුව හමුවන්න කියා නරේෂ් මට කීවා.
නරේෂ් ලංකාවේ නැති දවස්‌වල මම ප්‍රසන්න රණතුංග මහතාට දුරකථනයෙන් කතාකර තිබෙනවා. ගුණරත්නගේ ගනුදෙනු අවසන් කරන්න කියා කීවා. නරේෂ් පාරිස්‌ගේ විදෙස් ගමන් බලපත්‍ර ගාස්‌තු ගෙවන්නත් කියලා නරේෂ් මට කීවා. එම චෙක්‌පත්වලට මගේ බිරිඳත් අත්සන් කරන්න ඕන නිසා 2015.4.10 වැනිදා මගේ බිරිඳත් සමග මම එහි ගියා. හැටන් නැෂනල් බැංකුවේ මරදාන ශාඛාවේ චෙක්‌පත මම අරගෙන ගියා. මම ගියේ ගුණරත්නගේ කොමිෂන් එක ගෙවන්න. වත්තේ විකුණුම් මිලෙන් සියයට 31 ක් ප්‍රසන්න රණතුංගගේ බිරිඳගේ නමට චෙක්‌පත් දෙන්න කීවා. 15.4.10 සවස 2.30 ට විතර අපි ප්‍රසන්න රණතුංග මුණගැසුණා. කෑම කන මේසෙට එන්න චෙක් ලියන්න කියා මට ප්‍රසන්න රණතුංග කීවා.
දැන් වත්තේ ගනුදෙනු ඉවරයි. දැන් ගනුදෙනු ඉවර කර ගනිමු කියා ප්‍රසන්න කීවා. වත්ත විකුණුවාම ඒ අයට මුදලක් ගෙවන්න ඕන කියලා අපි අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමේ තිබුණේ නෑ. රුපියල් මිලියන 64 ක් වටිනා චෙක්‌පත් 11 ක් ඒ අයට දුන්නා. රුපියල් මිලියන 3 ක් නරේෂ් පාරිස්‌ට මම අතින් දුන්නා.
මේ ගනුදෙනුව කතා කළේ නරේෂ් පාරිස්. එහෙම කරලා තිබුණේ මහ ඇමැතිතුමාගේ උපදෙස් පරිදි.
නි.සො.ජ. – රුපියල් ලක්‍ෂ 640 ගැන මුලින්ම තමාට කීවේ කවුද?
සාක්‍ෂිකරු – නරේෂ් පාරිස් මම යන්න පෙර ප්‍රසන්න රණතුංගට ගනුදෙනු බේරන්න ඕනෑ කීවා. පළමුවැනි විත්තිකාර ප්‍රසන්න මට කීවා නරේෂ් කියන විදියට කරන්න කියලා ප්‍රසන්නගේ ආරක්‍ෂක නිලධාරීන් මගේ පිටුපස සිටියා. මම කීවා මේ වත්ත විකුණපු ආදායමෙන් කොමිෂන් දුන්නා කියා. මම කීවා සල්ලි නෑ පසුව දෙන්නම් කීවා මම කීවා ගිණුමේ සල්ලි නෑ කියලා. ඒකට කමක් නෑ දැන් චෙක්‌පත් දෙන්න කියලා මට බලපෑම් කළා. නරේෂ් මට කීවා උඹ මගේ අයියා ගැන දන්නවනේ කියලා. ගුණරත්න මට කලින් බලපෑම් කළා.
පළමුවැනි විත්තිකරු මට තර්ජන කර කීවා මට ඒවා අදාළ නෑ. මම කියන විධියට දැන් චෙක් ලියන්න කියලා. බලපෑම් කළ නිසයි මම චෙක්‌පත් ලිව්වේ. එයා තමුන්ගේ රාජ්‍ය බලය පාවිච්චි කරලා මට බලපෑම් කළා. එයාගේ ආරක්‍ෂක නිලධාරීන් එතන හිටියා. මගෙත් මගේ භාර්යාවගෙත් ආරක්‍ෂාව වෙනුවෙන් මම එම චෙක්‌පත් ලීවා. එහෙම නොකළා නම් අපේ ජීවිතවලට තර්ජන එල්ල වෙන්න තිබුණා. එතනදිම නරේෂ් රුපියල් මිලියන 3 කුත් ප්‍රසන්න රණතුංග මිලියන 5 කුත් දුන්නා. එකම චෙක්‌පතින් එම චෙක්‌පත් 11 ම ලීවා. රුපියල් මිලියන පහේ චෙක්‌පත එදාම මාරු කරගෙන තිබුණා. ඒක මුදල් චෙක්‌පතක්.
පළමු වැනි විත්තිකාර ප්‍රසන්න රණතුංගගේ උපදෙස් මත තමයි තුන්වැනි විත්තිකාර නරේෂ් කටයුතු කළේ.
අධිකරණය – කොයිම අවස්‌ථාවකදීවත් පළමු වැනි විත්තිකරු ඔබට කීවාද චෙක්‌පත අරගෙන එන්න කියලා.
සාක්‍ෂිකරු – වාහන ගැන ගනුදෙනුවක් තියෙනවා ඒ නිසා ඉඩම් විකිණීමේ ගනුදෙනු අවසන් කරන්න කියලා ප්‍රසන්න රණතුංග මට දුරකථනයෙන් කතා කරලා ඊට දින දෙකකට පමණ පෙරදී කීවා.
උසාවිය – අවබෝධතා ගිවිසුම ගැන ඔබ කීවා. ඒ ගිවිසුමෙන් ඇතිකර ගත්තේ මොකක්‌ද?
සාක්‍ෂිකරු – මගේ ඉඩම කුලී පදනම මත අරගෙන රුපියල් මිලියන 2.5 ක මුදලක් පළාත් සභාවෙන් මාසිකව මට ගෙවනවා ඉන් සියයට 50 ක් මටත් ඉතිරි සියයට 50 පළමු වැනි විත්තිකරු ඇතුළු පිරිසටත් ලැබෙන්න ඕනෑ කියලා තමයි එමගින් එකඟවෙලා තිබුණේ. ඒ ඉඩම විකුණන මුදලින් කිසිම කොටසක් ඒ අයට දෙන්න ඕනෑ කියලා එම ගිවිසුමේ අඩංගු වුණේ නෑ.
උසාවිය – එම අවබෝධතා ගිවිසුම අනුව එම ඉඩමේ යම් යම් කොටස් එහි පාර්ශවකරුවන්ට අයිති බව පෙන්වා දී තිබෙනවා. ඔබ එය පිළිගන්නවාද?
සාක්‍ෂිකරු – එහෙමයි. මම එදා දුන්න චෙක්‌පත් අතරින් රුපියල් මිලියන 5 ක චෙක්‌පත එදාම ප්‍රසන්න රණතුංගගේ ආරක්‍ෂක නිලධාරියකු විසින් මාරුකරගෙන තිබුණා.
උසාවිය – ඔබ එම චෙක්‌පත් දුන්නේ කැමැත්තෙන්ද?
සාක්‍ෂිකරු – නෑ මම ඒ ගෙවීම් කළේ කැමැත්තෙන් නෙමෙයි එල්ල වූ බලපෑම් නිසයි. මම එදා 2.30 ට විතර බැංකුවට කතා කරලා කීවා එම මුදල ගෙවන්න කියලා.
අධිකරණය – ඔබ එම බලපෑම් ගැන පොලිසියට පැමිණිල්ලක් කළාද?
සාක්‍ෂිකරු – නෑ, තිබුණ බලපෑම් නිසා පැමිණිලි කරන්න එපා කියලා කට්‌ටිය කීවා. ඒ අයගේ හැසිරීම් ගැන මම දන්නවා ඒ නිසා පැමිණිලි කරන්න මම ගියෙත් නෑ. එහෙම පැමිණිලි කළා නම් මගේ පවුලේ අයගේ ජීවිත ගැන විශ්වාසයක් තියන්න බැරිවෙනවා. සමහර චෙක්‌පත් ඉදිරි දින දාලා තමයි මම ලියුවේ. දින කිහිපයකට පසුව මම බැංකුවට දැනුම් දුන්නා ඉතිරි චෙක්‌පත්වලට මුදල් ගෙවන්න එපා කියලා. ප්‍රසන්න රණතුංගගේ ආරක්‍ෂක නිලධාරීන් සමහර දිනවල මගේ කාර්යාලය ඉදිරිපිටට ඇවිත් හිටගෙන සිටියා. පසුව මම නීතිඥවරයකු හමුවී ඒ ගැන කියලා එµa.සී.අයි.ඩී. එකට ඒ ගැන පැමිණිලි කළා.
නි.සො.ජ. – පළමු වැනි විත්තිකරුට ඔබ දුරකථන ඇමතුම් දී තිබෙනවාද?
සාක්‍ෂිකරු – ඔව්. ඔහුගේ කටහඬ මම අදුරනවා. ඔහු වැනි සමහර ප්‍රභූන් භාවිත කරන දුරකථන අංක ඇමතුම ලැබෙන්නාට නොපෙනෙන අයුරින් සකසා තිබෙන්නේ. පළමු වැනි විත්තිකරු මට කීවා එයාට මුදල් අවශ්‍යයි ඒ නිසා අගරු කරපු චෙක්‌පත්වලට මුදල් දාන්න කියලා. දේශපාලනඥයන් සමග හැප්පෙන්න යන එක සුදුසු නෑ කියලා හිතුන නිසා මම පුළුවන් තරම් උත්සාහ කළේ ඒ ගැන ගොඩින් බේරගන්නයි.
ඔහු ලබාදුන් ඇමතුම අනුව ශ්‍රාවස්‌තියට ගියා. මමයි බිරිඳයි එහාට ගියේ. යාළුවෙක් අපි සමග ගියත් ඔහුට එදා ඇතුළට යන්න දුන්නේ නෑ. ටැබ්, පොත් ගෙනියන්න දුන්නේ නෑ. නමුත් භාර්යාවගේ වෝක්‌මන් එකෙන් එදා කළ කතාබහ පටිගත කළා. සුදුසු මුදලක් ගෙවන්න මම කල්ගත්තා. පසුව මගේ සාමාන්‍යාධිකාරි මේජර් විමල් මගින් චෙක්‌පත් 8-9 ඔහුට යෑව්වා.
පළමු වැනි විත්තිකරු විසින් කරන ලද දැනුම්දීම අනුව ඊට පසු දවසක මම යළිත් ඔහුගේ නිල නිවසට ගියා. එවිට ප්‍රසන්න රණතුංග මට කීවා.
කළු මල්ලි තමයි මීට පස්‌සේ තමුසෙත් එක්‌ක ගනුදෙනු කරන්නේ අගරු චෙක්‌පත් සියල්ලම හරියන්න පොරොන්දු නෝට්‌ටු ලියන්න කියලා මට පළමු වැනි විත්තිකරු කීවා. කළු මල්ලි කියන කෙනාට ඇමතුමක් අරගෙන මට දුන්නා. එවිට ඔහු මට තර්ජනාත්මකව කතා කළා. මට ඕන වුණේ පළමු වන විත්තිකරු හා ඔහුගේ ආරක්‍ෂක නිලධාරීන් මගේ බිරිඳ හා දරුවන් ඉදිරියට පැමිණීම වළක්‌වන්නයි. ඒ නිසා මම ඔහු කිව්ව පරිදි පොරොන්දු නෝට්‌ටු පහක් හෝ හයක් අත්සන් කළා. සාක්‍ෂිකරු විධියට මගේ සාමාන්‍යාධිකාරි විමල් අත්සන් කළා.
වැඩිදුර සාක්‍ෂි විභාගය ලබන 15 වැනිදා දක්‌වා කල් තැබිණි.
ඒ. ඡේ. ඒ. අබේනායක
උපුටාගැනීම-divaina.com