රන්ජන් නිසා දිවුලපිටියට අවුරුදු නෑ..(Video)

Spread the love
දිවුලපිටිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 06 වෙනිදා දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී පැමිණි සිටි ජනතාව දෙස්දෙවොල් තබමින් නියෝජ්‍ය ඇමතිවරයට බැණ වැදුනහ.
මෙම රැස්වීම පැවතුනේ ප‍්‍රදේශයේ පස් හා මැටි කැපීම සදහා පැවති අහෝසි කරන ලද බලපත‍්‍ර නැවත ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය. ජනතාව චෝදනා කලේ මෙම බලපත්‍ර අහිමි වීමට සෘජුවම වගකිව යුත්තේ නියෝජ්‍ය අමාත්‍යවරයා බවයි.
මෙම ගැටළු සම්බන්ධව යහපාලන රජයේ වගකිවයුතු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වශයෙන් නිසි පිළිතුරු ලබා දිය යුතුයි.
 

[rns_reactions]