මරික්කාර් යනු අදටත් සිරසෙන් පඩිගන්නා එජාප මන්ත්‍රිවරයෙක් බව මුළු ලංකාවම දන්නා සත්‍යයකි.. සිරස වෙනුවෙන් පෙනිසිටිමින් සිරසේ රෙදි හෝදමින් පසුගිය වසර කිහිපය තුල මාධ්‍ය නිදහස ගැන හැකර කටින් දොඩවපු මේ අරුම පුද්ගලයා පසුගිය දිනෙක සිරස ආයතනයට සිදුකළ පහරදීම සදහා තම සමීපතමයන් කිහිප පොළක්ම සහභාගි කරවා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර ඇත..
මරික්කාර් ඔයා විශ්වාසභංගයෙන් පස්සේ සිරස ඉස්සරහ දාන සද්දේ ගැන බලන්න… ඔයා ආපු තැනනේ… යනුවෙන් එජාප ප්‍රබලයෙක් මරික්කාර් හට උපදෙස් ලබාදී ඇති අතර අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනිමට සිතු කුප්‍රකට මරික්කාර් තම එහෙයියන් යොදා සිරසට දැඩි ප්‍රහාරයක් එල්ල කිරිමට කටයුතු කරන ලද්දේ කන්න දීපු අත හපාකන සුනඛයෙක් ලෙසිනි..
වැල්ලම්පිටිය සේදවත්ත මරදාන ආදි ප්‍රදේශවල තම ආධාරකරුවන් රැසක් මේ පහරදීම සදහා මරික්කාර් විසින් සම්බන්ධ කර ඇති අතර සිරස සිදුකළ කරුණු සොයාබැලීමකදි මේ සියල්ල හෙලිවීමත් සමග රනිල් පන්නන්න ගියපු සිරසෙන් පඩිගන්න මරික්කාර්ගේ නිරුවත සියළුදෙනා වටහාගෙන ඇත..

