විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර අග‍්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් අද (03) ඉල්ලා සිටි බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.
නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් පැවසුවේ ඒ සඳහා වූ ලිපියක්ද අග‍්‍රාමාත්‍යවරයාට භාරදුන් බවයි.
විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර අග‍්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන්නැයි රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පාර්ශවය ඊයේ (02) රාත‍්‍රියේ තීරණය කළා.
ඒ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සාකච්ජාවකදීයි. ඔවුන් අද (03) අග‍්‍රාමාත්‍යවරයා මුණගැසී ඇත්තේද ඒ අනුවයි.

