අද (25) සිදු වූ කැබිනට් සංශෝදනය පිළිබඳව මහින්ද රාජපක්ෂ පලකල අදහස් මෙසේය… සුපුරුදු පරිදිම විහාරස්ථානයක් තම මාධ්‍ය මධ්‍යස්ථානය කරගනිමින් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහින්ද කියා සිටියේ එජාප පක්ෂයේ මෙම කැබිනට් සංශෝධනයේ කිිසිඳු වෙනසක් නොමැති බවයි.
මහින්ද රාජපක්ෂ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙසේද ප්‍රකාශ කර සිටියා.
”අද රනිල් දිහා බලපුවාම රනිල්ගෙන් පස්සේ රට මෙහෙයවන්න එහෙ නායකත්වයක් නැහැ. රනිල් හින්දා රටම අද අරාජික වෙලා. රනිල්ගේ වටේ ඉන්න අය රට වනසනවා.. ජනාධිපතිතුමා වැඩක් කරනවා උනාට රනිල් වැඩකරන්නේ ජනපතිව විනාශ කරන්න…
රනිල්ගේ පක්ෂේ කැබිනට් සංශෝධනය කියා කිසි වෙනසක් නෑ. දාන්න වෙන මුහුණු නැති නිසා එකම කාඩ් පැක් එක එහාට මෙහාට අනනවා විතරයි. ඒක කිසිම තේරුමක් නැති වැඩක්.