පක්ෂයේ අර්බුධ මැදින් දුෂ්කර ගමනක නිරතවෙමින් සිටින එජාප නායක රනිල් වික්‍රමසිංහ අද මාධ්‍ය හමුවේ වහසි බස් දොඩමින් තමන් දිගටම අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කරන බව පැවසුවද මේ වන විටත් එජාපයේ ප්‍රබල ඇමතිවරුන් තම අමාත්‍යංශ වලින් බඩු භාණ්ඩ ඉවත්කරගනිමින් සිටින බව අපට වාර්තා වේ.
රනිල්ට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමිවන බව කලින්ම දැනගෙන සිටින මේ ඇමතිවරුන් ඉතා ඉකමනින් තම අමාත්‍යංශ නැවත භාරදීම සදහා සුදානමින් සිටින බව සදහන්.අමාත්‍යවරුන් වන මලික් සාගල මංගල සහ රනිල්ගේ අග්‍රාමාත්‍ය කාරයාලයේ කාර්යමණ්ඩලය මෙලෙස තම බඩු බාහිරාදිය ඉවත්කරගැනීමට පියවර ගනිමින් සිටින බව අපට වාර්තා වේ.
