අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව අත්සන් කළ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂය තීරණය කර නොමැති බව පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක පවසනවා.
ඊයේ (22) ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහලේකම්වරයා මේ බව පවසා සිටියා.
පාර්ලිමේන්තුවේ විවාදය ලබන 4 වෙනිදා කියලා පක්ෂනායක රැස්වීමේදි කියලා තියනවා. ඇයි තවමත් ඔබතුමාගේ පක්ෂයේ මතය ඉදිරිපත් වුණේ නැත්තේ?
“ඇයි අපි අපේ මතය වේලාසන කියන්න ඕන. ඇයි ඔබතුමාට ටීවී එකේ දාගන්න ඕන නිසාද?”
නිදහස් පක්ෂයේ 4 දෙනෙක් අත්සන් කරලා තියෙද්දි ඇයි ඔබතුමා ප්‍රකාශයක් නිකුත් කරන්නේ නැත්තේ පක්ෂයේ මහලේකම් විදියට මේ හතරදෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නවා ද කියලා?
“මට එහෙම තනි ප්‍රකාශයක් නිකුත් කරන්න බෑ. මේක පක්ෂයක්නේ.”
දැන් ඔබතුමාලා මේ හැම පාරම විනය කඩපු අයට එරෙහිව පියවරක් ගත්තේ නෑ?
“අපිට ඕන විදියට, පක්ෂයට ඕන විදියට හැසිරෙනවා මිසක්. මාධ්‍යයට ඕන විදියට අපි හැසිරෙන්නේ නෑ.”
විශ්වාසභංග යෝජ්නාව කොච්චර සාර්ථකයි කියලා හිතනවා ද?
“ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විදියට ඒ තීරණාත්මක මොහොතේ ගන්න තීන්දුව මේ රටට බලපානවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරලා පක්ෂේ එක්ක සාකච්ඡා කරලා මේ රට වෙනුවෙන් ගන්න පුළුවන් හොදම තීන්දුව ගන්න.”

