අපේ‍්‍රල් 04 වැනිදා ඡන්ද විමසීමට ගන්නා විශ්වාස භංගයට පෙර එක්සත් ජාතික පක්‍ෂය පූර්ණ ප‍්‍රතිසංවිධානයකට ලක් නොකරන්නේ නම් තවත් එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් 27 දෙනෙකු සමග විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය ලබා දීමට හෝ ඡන්ද විමසීමට නොපැමිණීමට කටයුතු කරන බව රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා ආනමඩුව ආසනය සදහා තේරී පත් වූ පළාත් පාලන මන්ත‍්‍රීවරුන් දිවුරුම් දීමේ අවස්ථාව අමතමින් කියා සිටියේය.
අගමැතිවරයාට සහාය පලකරමින් අත්සන් කරන ලද යෝජනාවට තමන් අත්සන් නොකල බවත් කිරීමටද අදහසක් නැති බවත් ඔහු විසින් වැඩිදුරටත් ප්‍රකාශකර සිටින අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ගැන තමනට කිසිදු විශ්වාසයක් නැති බවත් මින් පෙර කිසි දිනෙක එක්සත් ජාතික පක්‍ෂ නායකයෙකු මෙතරම් අපකීර්තියට ලක් වී නැති බවද පෙන්වා දෙයි.

