රනිල් ඔයා රිටයර් වෙන්න – ෆොන්සේකා රාජිත ඇතුළු එජාපෙ නායකයන් ගත්ත තීරණය මෙන්න…

රනිල් ඔයා රිටයර් වෙන්න – ෆොන්සේකා රාජිත ඇතුළු එජාපෙ නායකයන් ගත්ත තීරණය මෙන්න…
Spread the love

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව කතානායකවරයාට බාර දී ඇති විශ්වාස භංගය ගැන විශේෂ සාකච්චාවක් අද පස්වරුවේ සෞඛ්‍ය අමත්‍යංශයේදී පැවැත්වී ඇති බව වාර්තා වෙයි.

මෙම හමුව සදහා ඇමති රාජිත සේනාරත්නට අමතරව චම්පික රණවක, මහින්ද අමරවීර, අර්ජුන රණතුංග, සරත් ෆොන්සේකා, පලනි තිගාම්බරන්, කරුණාරත්න පරණවිතාන යන ඇමතිවරුන් ඇතුළු 08 දෙනෙකු පමණ පිරිසක් මේ සදහා සහභාගී වී ඇත.

විශ්වාස භංග යෝජනාව ඡන්ද විමසීමකට ලක් කිරීමට පෙර රනිල් වික‍්‍රමසිංහ මහතාට ඉල්ලා අස්වීමට බල කිරීමට සූදානම් බවත් තම පිරිස විසින් නම් කරන ලද පුද්ගලයෙකු අගමැති ලෙස නම් කල යුතු බවටත් එහිදී මූලික එකගතාවයකට පැමිණ තිබේ.

බොහෝ දුරට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා මීලග අගමැතිවරයා ලෙස නම් කල යුතු යයි මෙම පිරිස විසින් යෝජනා කිරීමට වැඩිම ඉඩක් ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.