පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 කි. එයින් 15 ක් ද්‍රවිඩ ජාතික සන්ධානයේ ය. දැනට පවත්නා තත්වය අනුව ඔවුන් විශ්වාස භංගයේ දී ඡන්දය දෙන්නේ නැත. ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 210 ක් අතුරින් බහුතරය එනම් මන්ත්‍රීවරුන් 106 ක් රනිල් ට පක්ෂ නම්, රනිල් ගොඩ ය. 106 ක් රනිල් ට විරුද්ධ නම් රනිල් විශ්වාස භංගයෙන් පරදින්නේ ය. රනිල් ගේ ගජ මිතුරු මහින්ද රාජපක්ෂ ට විශ්වාස භංගය ඉදිරිපත් කිරීමට සිදුව ඇත. ඒ අනුව ඔවුන්ගේ මන්ත්‍රීවරු 52 ක් ඇත. ශ්‍රීලනිප යේ මන්ත්‍රී 42 න් 37 ක් රනිල් නොමැති වෙනත් අගමැතිවරයෙකු ගේ ආණ්ඩුවකට සිටී.
බැදුම්කරය ගැන වැඩිපුරම කථා කළේ ජවිපෙ ය. රනිල් හා මලික් සමග ඇති සම්බන්ධය කුමක් වුව ත්, ජවිපෙ ට රනිල් බේරා ගැනීමට ඡන්දය දී, රටට මුහුණ දෙන්නට බැරිය. ඒ නිසා ඔවුන්ට රනිල්ට විරුද්ධවීම හැර වෙනත් විකල්පයක් නැත!
විජේදාස, රතන හිමි හ චතුර සේනාරත්න රනිල් විරෝධී කණ්ඩායමේ ය.
මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රී තුනක් ද, රිෂාඩ් බදුර්දීන් ගේ මන්ත්‍රී 5 ම සිටින්නේ රනිල් ඉවත් කළ යුතුය යන අදහසේය.
ඒ සරළ ගණන් හදා බැලීම මත 52 + 37 + 6 + 3 + 8 = 106 කි. එකම එජාප මන්ත්‍රීවරයෙකු හෝ නොමැතිව ඒ අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර 106 සකස් වන්නේය.
රවුෆ් හකීම් හා රිෂාඩ් ගේ මන්ත්‍රීවරු 8 රනිල් ට සහාය පළ කරන්නේ නම් පමණක් එජායයෙන් මන්ත්‍රීවරුන් 8 ක් රනිල් පරාජය කිරීමට අවශ්‍යය. ජවිපෙ මන්ත්‍රීවරු ඡන්දය දීමෙන් වැලකී සිටින්නේ නම් රනිල් ට එරෙහි විශ්වාස භංගය ජය ගැනීමට මන්ත්‍රීවරු 8 + 6 = 14 ක් අවශ්‍යය. ඒ ද, මුස්ලිම් කොන්ග්‍රසය හා රිෂාඩ් ගේ කණ්ඩායම සම්පූර්ණයෙන්ම රනිල් ට සහාය දෙන්නේ නම් පමණී. රිෂාඩ් සහ හකීම් මේ වන විටත් පළාත් පාලන ආයතනයන් හි බලය ලබා ගැනීම සදහා ශ්‍රීලනිප සමග එකගතා 6 ක් ඇති කර ගෙන ඇත. සුළං හමන දිශාව පැහැදිලිය!