රඹුටන් ලෙල්ලෙන් හොරා ඇල්ලුවේ මෙහෙමයි…..

Spread the love

 

නිවෙසක් මංකොල්ල කා පලාගිය සොරෙකු , රඹුටන් ලෙල්ලකින් අල්ලා ගත් පුවතක් උඩුගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. උඩුගම දකුණ පියතිලක මාවතේ නිවෙසකට ඇතුළු වී රුපියල් හතළිස් දෙදහසක් වටිනා රන් අබරණ සහ මුදල් සොරකම් කරගෙන ගොස් ඇති පුද්ගලයකු කා දමා තිබූ රඹුටන් ලෙලි ඔස්සේ ඉව අල්ලා ගිය පොලිස් නිල සුනඛ ආටිස් විසින් සොරකමට සම්බන්ධ සැකකරු අල්ලා දී තිබේ.

13 වැනි දින රාත්‍රි මෙම සොරකම කිරීම සඳහා පැමිණි සැකකරු නිවෙසට ඇතුළුවීමට පෙර එහි තිබූ රඹුටන් ගසකට නැඟ රඹුටන් කඩා ගෙන බිමට බැස රඹුටන් කා ලෙලි මිදුලේ දමා
ඇත. ඊට පසු නිවෙසට ඇතුළු වූ මොහු එහි තිබූ මුදල් හා රන් අබරණ සොරකම් කර ගෙන පලා ගොස් තිබේ.

මේ සොරකම පිළිබඳ නිවෙසේ අයිතිකරුවන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව ගාල්ල පොලිස් නිල සුනඛ ඒකකයේ ආටිස් නමැති නිල සුනඛයා මෙම ස්ථානයට ගෙන ගොස් ඇත. එහිදී නිල සුනඛයා භාර පොලිස් නිළධාරී මහතාගේ මෙහෙයවීම මත එහා මෙහා ගිය සුනඛයා මිදුලේ තිබූ රඹුටන් ලෙලිවලට ඉව අල්ලා තිබේ. ඉන් පසු එම රඹුටන් ලෙලි ඔස්සේ ඉව අල්ලමින් ඉදිරියට ගිය ආටිස් ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකුට කඩා පැන ඇත. ඒ සමඟ ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සොරකමේ සියලු තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

මේ විශ්මයජනක ක්‍රීයාව සිදු කල පොලිස් නිළ සුනඛ ආටිස් මෙහෙයවනු ලබන්නෙ ගාල්ල පොලිස් නිල සුනඛ ඒකකයේ කොස්තාපල් ගුණදාස (54387) මහතාය.

[rns_reactions]