රවි නීච වීමෙන් කොළඹ නගරාධිපති පුටුව රෝසිගෙන් ගැලවී පොහොට්ටුවට ලැබෙන ලකුණු..

රවි නීච වීමෙන් කොළඹ නගරාධිපති පුටුව රෝසිගෙන් ගැලවී පොහොට්ටුවට ලැබෙන ලකුණු..
Spread the love

කොළඹ නගර සභාවේ බහුතර බලය අත්පත් කරගත් එජාපයට නගර සභාවේ පාලනය බලය තහවුරු කර ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව වාර්තා වේ.

එයට හේතුව වී ඇත්තේ එජාප මන්ත්‍රී රවී කරුණානායකට අමාත්‍ය ධූරයක් ලබා නොදෙන්නේ නම් උතුරු කොළඹ ආසනය සදහා තේරී පත් වූ එජාප මන්ත්‍රීවරු 17 දෙනා විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කිරිමත් සමග ය.

මේ අනූව රෝසි සේනනායක මහත්මියට නගරාධිපති ධූරය අහිමි වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

මේ තත්වය හමු වේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් තරග වැදුණු මිලින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට නගර සභාවේ බලය පිහිටුවීමට හැකි වනු ඇත.