රවී කරුණානායක
තිස්ස කරුණානායක සහ කර්මලේකා කරුණානායක යන දෙමාපියන්ට දාව රවී කරුණානායක 1963 පෙබරවාරි මස 19 වන දින උපත ලැබීය. කොල්ලුපිටිය ශාන්ත තෝමස් විද්යාලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අකුරු කෙරූ ඔහු ඔහුගේ දක්ශතාවයන් හා හැකියාවන් නිසා ඉතාමත් කෙටි කලකින්ම වරලත් ගණකාධිකාරී වරයෙකු ලෙස ජීවිතය ආරම්භ කරන ලදී.
වෘත්තිය දිවිය ආරම්භ කරමින් Delair Limited සේවයට බැඳුනු රවී ඉන්පසු හේලීස් සමූහ ව්යාපාරයට සහ MIT එයාර්වේස් ලිමිටඩ්හි යන ආයතන වලටද සිය ධෛර්ය්‍ය සම්පන්න සේවය ලබාදෙන ලදී.එයින් ලබාගත් සුන්දර හා අසුන්දර අත්දැකීම් මත පාදක වෙමින් ඔහුට ව්පායාරික හා ව්යවසායකත්ව ලෝකයේ ඉහළම පෙළේ ව්යාපාරිකයෙකු ලෙස US Global Lanka (Private)
Limited හි සභාපති ලෙසද, Vacume Processing Lanka Limited හා
Global Transportation & Logistics (Private) Limited හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී ලෙසද, Eagle Air International (Private) Limited හි හා Global Air & Tours (Private) Limited හී අධ්‍යක්ෂක ලෙසද ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවන් සහ ව්‍යාපිරිකයින් ශක්තිමත් කිරීම සඳහා වන වාණිජ මණ්ඩලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙසද වැඩ කිරීමට හැකි විය.
1994 දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 10 වන පාර්ලිමේන්තුවට රවී කරුණානායක ජාතික ලැයිස්තුවෙන් ප්‍රථම වරට පත් කරන ලද ලාබාලම සාමාජිකයා විය. 2000 වසරේදී ඔහු කොළඹ දිස්ත්රික්කයෙන් 11 වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර 2001 වසරේ පැවති මහා මැතිවරණයේදී රවී කරුණානායක මහතා කොළඹ දිස්ත්රික්කයෙන් 12 වන පාර්ලිමේන්තුවට තේරී පත්විය.
2001 දෙසැම්බර 12 වන දින ඔහු එක්සත් ජාතික පක්ෂයෙහි වාණිජ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය ධූරයට පත් විය
1999 වසරේදී ඔහු ජාත්‍යන්තර ජේසීස් (International Jaycees ) විසින් සංවිධානය කරන ලද “වසරේ විශිෂ්ටතම දේශපාලනඥයා” සම්මානයෙන් පිදුම් ලැබීය. එම වසරේම රවි කරුණානායක මහතා “වසරේ දේශපාලනඥයා සහ රාජ්ය පරිපාලක” වශයෙන් තේරී පත්වූයේ කොළඹ ජේසීස් විසිනි.
2017 දී, බෑන්ක්ර් සඟරාව, ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මුදල් ඇමති ලෙස රවී තෝරා ගත්තේ, ගෙවුම් ශේෂ අර්බුදයකින් තොරව ඩොලර් බිලියන 1.5 ක ජාත්යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනක් ලබා ගැනීම, සංචිත පිරිවැය සහ ජාත්යන්තර ආයෝජකයින් අතර විශ්වාසය ගොඩ නැංවීමයි. රජයේ ආදායම රු. 2014 දී 1205 දක්වා රු. බිලියන 1.461 ක්. බදු ආදායම රු. බිලියන 1,050 සිට රු. බිලියන 1356 ක් වූ අතර එම කාලය තුළ ශ්රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිත අනුපාතය ඉතා පහත් බදු ආදායමක් ඇති බැවින් එය ඉතා වැදගත් වේ. ශ්රී ලංකාවේ බදු වාර්තා ද 2015 ජනවාරි ජනවාරි මාසයේදී 700,000 ගොනු තිබීම නිසා මිලියන 1.4 ක් විය
ඊට අමතරව රවී විසින් අපේ රටේ දියුණව වෙණුවෙන් සිදු කරණ නිහඬ සේවයන් අතරින් රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ උපදේශක කාරක සභාව, උපදේශක , මූල්‍ය උපදේශක කමිටු සාමාජික, ප්‍රතිපත්ති සම්පාදනය හා ජාතික ඒකාබද්ධතාව පිළිබඳ උපදේශක කමිටු සාමාජික , ගුවන් සේවා හා නැව් කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ හාෙ විදේශ කටයුතු පිළිබඳ උපදේශක කමිටුවේ සාමාජික , විය්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ පිළිබඳ තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු ලෙසද, මාධ්‍ය ප්‍රතිසංස්කරණය පිළිබඳ විශේෂ කමිටුවේ සාමාජිකයෙක්ද වේ.
ඔහු කොළඹ දිස්ත්රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙසද පත්විය. ඔහු ප්‍රජාතන්ත්‍රවාදය හා නායකත්ව ආයතනයේ සභාපතිවරයා ද වේ.
ඔහුගේ එම කටයුතු හැරුණු විට දේශපාලනික,පාර්ලිමේන්තු කටයුතු, ශ්‍රී ලංකාවේ ආර්ථිකය, වෙළඳ කටයුතු හා විවිධ ක්ෂේත්‍රයන් ගැන විවිධ පුවත්පත් හා සඟරා වලට ඔහු විසින් විදේශ විනිසුරුවන්, ව්‍යාපාර කළමනාකරණය, දේශපාලන සංස්කෘතිය, රාජ්‍ය මුදල් සහ බදුකරණය. දේශපාලන හා සංස්කෘතික, ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ, වර්තමාන කටයුතු, ලෝක කටයුතු ආදී වර්තමානයේ විශාල මාතෘකාවන් ගණනාවක් ආවරණය වන පරිදි සිංහල හා ඉංග්‍රීසි භාෂාවන් වලින් සජීවීව හා වාර්තාගතව ඔහු නිරන්තරයෙන්ම සහභාගී වේ.
රවී මෙලා සමග විවාහ වූ අතර ඔහුට ඔනෙලා, ෂෙනෙලා සහ මිනෙලා ලෙස දියණියන් තිදෙනෙකු සිටී. සෑම සාර්ථක පිරිමියකු පිටුපසම ස්ත්‍රියක් සිටී යන කරුණ සනාථ කරමින් රවී පිටුපසද ඔහුගේ බිරිය සහ දියණියන් (විශේෂයෙන්ම ඔනෙලා) ඔහුට යෝධ ශක්තියක් සපයයි. ඔහුගේ කාර්‍ය බහුල දේශපාලන හා පාර්ලිමේන්තු ජීවිතය ද ව්‍යාපාර කටයුතුද හැරුණු විට රවී සිය පවුල සමඟ සැලකිය යුතු කාලයක් වැය කරයි.
මංගල පිංසිරි සමරනායක
මහනාම සමරවීරගේ සහ කේමා සමරවීරගේ පුත්‍රයා වූ මංගල සමරවීර ලන්ඩන්හි ශාන්ත මාර්ටින් පාසලේ ඇඳුම් නිර්මාණකරණය හා තාක්ෂණය පිළිබඳ උපාධිධාරියෙකු වන අතර, ඔහු සිය දේශපාලන දිවියට පෙරාතුව ජාතික නිර්මාණශිලී මධ්යස්ථානයට නිර්මාණ උපදේශකයෙකු ලෙස සේවය කළේය.
1983 වසරේ මාතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා විය.
1989 දී මාතර දිස්ත්‍රික්කයේ නියෝජිතයෙකු ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු ජනාධිපති චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කැබිනට් මණ්ඩලයේ තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා වශයෙන් පත් කරන ලදී. 1994 නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා පොදු යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල සංශෝධනයකින් පසුව, පසුව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලබා දුනි.
2001 මැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් අනතුරුව ඔහු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික වශයෙන් පත් කරන ලදී. 2004 දී ජනාධිපති චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කැබිනට් පත්‍රෙය් දී වරාය, ගුවන් සේවා සහ මාධ්ය කටයුතු අමාත්යවරයා බවට පත්විය.
2005 ජූනියේ දී කුමාරතුංග සමග ගැටුමෙන් පසු ඔහු මාධ්‍ය අමාත්බැයාංශයෙන්හැ බැහැර වුවත්, වරාය හා ගුවන්සේවා අමාත්‍ය ධූරයට පත් විය. ඔහු ජනාධිපති අපේක්ෂකයා සහ අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරක කළමනාකරු බවට පත්විය. 2005 නොවැම්බරයේදී රාජපක්ෂ මහතා බලයට පත්වූ විට ඔහුව අගමැති වෙනුවට වෙනුවට විදේශ ඇමති තනතුරට පත් කිරීමෙන් ඔහු පුදුමයට පත් විය. එසේ වන්නට හේතුව මංගල යනු දෙපත් නයෙකු බව මහින්ද දැන සිටියා යයි දේශපාලන විචාරකයෝ පෙන්වා දී ඇත.
2007 ජනවාරි අගදී සමරවීර විදේශ අමාත්‍ය වරයා ලෙස නැවත පත් කරන ලද අතර, ඔහු වරාය හා ගුවන් සේවා ලෙස කටයුතු කළේය. 2007 පෙබරවාරි 9 වන දින මංගලව කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන ලද අතර ඉන්පසු ඔහු නව දේශපාලන පක්ෂයක් වන ශ්‍රීලනිප (මහජන සංවිධානය) ගොඩනැගීමට කටයුතු කළේය.
2013 ඔක්තෝබරයේ දී එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් විසින් සිදුකල සාමකාමී විරෝධතා පාගමනට බාධා කිරීම සම්බන්ධව ඔහුව මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අත්අඩංගුවට ගැනීම උසාවි නියෝගයක් නිකුත් කළේය.
2015 ජනවාරි 12 වන දින අලුතින් පත් වූ ජනාධිපති මෛත්රීපාල සිරිසේන යටතේ විදේශ කටයුතු අමාත්‍ය ලෙස නැවත සමරවීර නැවත පත් කරන ලදී.ඉන් අනතුරුව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් සිය පක්ෂය එනම් එක්සත් ජාතික පක්ෂය සහ එහි පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කිරීමව වෙනුවෙන් සිදුකල අප්‍රහිත කැපකිරීම නිසාවෙන් මේ වන විට මුදල් ඇමති ලෙස අත්නෝමතික තීන්දු තීරණ ගණිමින් රටේ ආර්ථිකය විනාශ කරමින් සිටී.
ලංකාව තුල සමලිංගිකත්වය නීතිගත කිරීම වෙනුවෙන් වැඩිම දායකත්වයක් දක්වන්නේද මංගල පිංසිරි බව නොරහසකි.
ඉතිං , රට වෙනුවෙන් රටේ ආර්ථිකය වෙනුවෙන් යමක් කිරීමට හැක්කේ රවීටද ? එහෙමත් නැත්නම් මංගල පිංසිරිටද කියා එජාපට නොදැනුනත් මේ රටේ අනාගතය ගැන සිතන බුද්ධිමත් ඔබට වැටහෙනවා නොඅනුමානයි.