රවීව සැකකාරයෙක් කරන්න බෑ… රවී බොරු සාක්කි දීල නෑ…

රවීව සැකකාරයෙක් කරන්න බෑ… රවී බොරු සාක්කි දීල නෑ…
Spread the love

මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අසත්‍ය සාක්‍ෂි ලබාදුන් බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවේ සැකකරුවකු ලෙස රවි කරුණානායක මහතා නම් කිරීමට තරම් මෙතෙක් සාක්‍ෂි ඉදිරිපත් වී නොමැති බව පෙනී යන්නේ යැයි කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (08) පෙන්වා දුන්නේය. 

නමුත් ඉදිරියේ ඒ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක්‌ සිදුකර ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

රවි කරුණානායක මහතාට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් තම අධිකරණය විසින් පනවා තිබූ නියෝග අත්හිටුවීමේ නියෝගය ඉවත් කළ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා රවි කරුණානායක මහතාගේ හා ඔහුගේ පවුලේ ඥතීන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගනිමින් ඉදිරි විමර්ශන සිදු කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදුන්නේය. විමර්ශන ප්‍රගතිය ලබන 22 වැනිදා ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.