රාජපක්ෂ අණින් භාරත ඝාතනය කල මිනිමරු දුමින්ද අහිංසකයි කියමින් ගෙතු අභියාචනය අද දිනත් විභාගයට..

Spread the love

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතක දුමින්ද සිල්වා නිදොස් කරන්නැයි ඉල්ලමින් සුරංගනා කතා ගෙතු අභියාචනය අද ශ්‍රේෂ්ඨාධිකරණයේදි විභාගයට ගෙන ඇත..

කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මානව හිතවාදි ජනතා නායක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මැතිතුමාගේ මරණය සම්බන්දයෙන්   මරණ දඩුවම නියමිවී සිටින කුඩු මුදලාලි කෙනෙක් සහ තම බිරිදගේ නැගණිය දුෂණය කල ස්ත්‍රි දුෂකයෙක් ලෙස විරුදාවලි ලත් දුමින්ද සිල්වාට එරෙහිව කොළඹ මහාධිකරණය ලබාදුන්නේ නීත්‍යනුකූල තීන්දුවක් නොවන බවට අභියෝග කරමින් ඉදිරිපත් කරන ලද පෙත්සම අද විබාගයට ගැණිනි.

 

ඒ අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයි.

කෙසේ වෙතත් විත්ති පාර්ශවය පැවසුවේ නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පුවන්නේදැයි සොයා බැලීමකින් තොරව රජයේ නීතීඥවරුන්ගේ ප්‍රකාශ මත පමණක් පදනම් වෙමින් විනිසුරුවරිය සිය තීන්දුව ලබාදී ඇති බවයි.

එම නිසා නීතියට පටහැනිව දඩුවම් දෙමින් ලබා දුන් නඩු තීන්දුව අහෝසි කර සියලු චෝදනාවලින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අභියාචනය අද යළිත් විභාගයට ගැනුණේ තුන්වන දිනටයි.

https://www.facebook.com/PrasannaSolanga/videos/635846826575360/

 

https://www.facebook.com/PrasannaSolanga/videos/551091828384194/