රාජපක්ෂ අණින් සිදුවූ ලසන්ත ඝාතනය යටගහන්න රාජපක්ෂලා කරවපු කුප්ප වැඩක් අද එලියට…

රාජපක්ෂ අණින් සිදුවූ ලසන්ත ඝාතනය යටගහන්න රාජපක්ෂලා කරවපු කුප්ප වැඩක් අද එලියට…
Spread the love

සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හේමන්ති ප්‍රසන්න නානායක්කාර සහ උප පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චිගේ තිස්සසිරි සුගතපාල ලබන 29 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස සහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුගතපාල රහස් පොලිසිය හමුවේ කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් රහස් පොල්සියේ සමූහ මංකොල්ල විමර්ශන අංශය අධිකරණයට දැනුම් දුන්නේ පොලිස් පොත්වලින් සටහන් ඉවත් කරන ලෙස දැනුම් දී ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බවයි.

උප පොලිස් පරීක්ෂකගේ සම්පූර්ණ ප්‍රකාශය රහස් පොලීසිය පෙබරවාරි 02 වැනි දා අධිකරණයට වාර්තා කර තිබිණි.

ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය ගැන රහස් පොලීසිය ඇමැති සරත් ෆොන්සේකාගේ, ඇමැති මලික් සමරවික්‍රමගේ, මර්වින් සිල්වාගේ මෙන්ම බුද්ධි අංශ සාමාජිකයන් රැසකගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.