රාජපක්ෂ පවුලේ ජනපති අපේක්ෂක ගැටුම උග්‍ර අතට…. ඥානඅක්කාගේ දේවාලයටත් ගිනි තබයි…

රාජපක්ෂ පවුලේ ජනපති අපේක්ෂක ගැටුම උග්‍ර අතට…. ඥානඅක්කාගේ දේවාලයටත් ගිනි තබයි…
Spread the love

රාජපක්ෂ පවුලේ ජනපති අපේක්ෂක ගැටුම උග්‍ර අතට…. ඥානඅක්කාගේ දේවාලයටත් ගිනී තබයි…

ඊට හේතු වි ඇත්තේ පසුගියදා හිටපු ජනාධිපති මහින්ද් රාජපක්ෂ මහතාගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂ තමන්ගෙ පුත්‍රයන් තිදෙනාගේ හදහන් රැගෙන ඥානඅක්කා හමුවි ඇති අතර එහිදි  ඥානඅක්කා පවසා ඇති අනාවැකිය හේතුවෙන් රාජපක්ෂ බල අරගලට උත්සන්න වි තිබේ.

පක්‍ෂ විපක්‍ෂ මැති ඇමතිවරුන් බොහෝ පිරිසක් යන එන මෙරට ප‍්‍රසිද්ධ අනුරාධපුරයේ අනාවැකි කියන කාන්තාවක වන ඥානඅක්කාගේ දේවාලයට රාජපක්ෂලාගේ ජනපති බල අරගලයේ ගැටුමක් හේතුවෙන් ගිනී තබා විනාශ කර තිබේ.

ඊට හේතු වි ඇත්තේ පසුගියදා හිටපු ජනාධිපති මහින්ද් රාජපක්ෂ මහතාගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂ තමන්ගෙ පුත්‍රයන් තිදෙනාගේ හදහන් රැගෙන ඥානඅක්කා හමුවි ඇති අතර එහිදි  ඥානඅක්කා පවසා ඇති අනාවැකිය හේතුවෙන් රාජපක්ෂ බල අරගලට උත්සන්න වි තිබේ.

ඥානඅක්කා,ශීරන්තිට පවසා ඇත්තේ රාජපක්ෂ පවුලේ රාජ යෝග ඇත්තේ නාමල් රාජපක්ෂට සහ යෝෂිත රාජපක්ෂට පමනක් බවයි.ඒ සදහා තවත් වසර 10ක පමණ කාලයක් දුක විදිමින් කාලය ගත කලයුතු බවද පවසා තිබේ.

පසුව මේ සම්බන්ධයෙන් ශීරන්ති මහින්ද සමග පවසා ඇති අතර කටින් කට ගොස් ඇති එම අනාවැකිය හේතුවෙන් රාජපක්ෂ පවුලේ 2020 ජනාධිපති අපේක්ෂකයන් විමේ අසාවෙන් පෙලෙන රාජපක්ෂලා සහ ඔහුන්ගේ වන්දිබට්ටයන් මරාවෙශ වි තිබේන බවයි වාර්තා වන්නේ.

මේ අතර රාජපක්ෂවරු කිසිවෙකුටත් නැවැත රාජ්‍ය බලය ලබා ගැනීමට නොහැකි බව, මහින්ද රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ පවුලේ පස් දෙනෙකුගේ හඳහන් පරීක්ෂා කර බැලූ අති දක්ෂ ඉන්දියානු දෛවඥයෙකු විසින් රාජපක්ෂ පවුලේ උදවියට දන්වා ඇතැයි මැදමූලන වලව්වට සම්බන්ධ විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස රාජපක්ෂ පවුලේ වැඩිමහල් සොහොයුරු චමල් රාජපක්ෂ මහතාව යෝජනා කරන බව එම පෙරමුණේ සිටින වාසුදේව නානායක්කාර ඇතුලු කණ්ඩායම කියා සිටින අතර, විමල් වීරවංශ , උදය ගම්මංපිල ඇතුලු කණ්ඩායම උත්සාහ කරමින් සිටින්නේ ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කිරීමටය.

ඉදිරි ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන් වුවත්, ඔහුගේ ජයග්‍රහනයෙන් පසුව එළැඹෙන 2025 ජනපතිවරණයට තම වැඩිමහල් පුත්‍රයා වන නාමල් රාජපක්ෂව සූදානම් කිරීම මහින්ද රාජපක්ෂ මහතාගේ බලාපොරොත්තුව වී ඇති බැවින්, ඉහතකී දෛවඥයාගේ පිහිට පතා ඇත්තේ නාමල්ගේ අනාගතයට අවහිර නොකරන පුද්ගලයා කවුද යන්න සොයා ගැනීම යැයි මැදමූලන ආරංචි මාර්ග තවදුරටත් කියා සිටී.

අදාල දෛවඥයා මැදමූලනට කැඳවා ගෙන විත් රාජපක්ෂ පවුලේ සියලු දෙනාගේ හඳහන් ඔහු වෙත ලබා දුන් බවත්, දින දෙකක් පුරා මැදමූලන රැඳී සිටි දෛවඥයා එම හඳහන් සියල්ල පරීක්ෂා කළ බවත්, ඉන් අනතුරුව එක් එක් පුද්ගලායා පිලිබඳව සවිස්තරාත්මක පලාඵල විස්තර කථනයක් ලබා දුන් බවත්, ඊට අනුව රාජපක්ෂ පවුලේ කිසිවෙකුටවත් නැවත ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය ලබා ගැනීමට කිසිදු හැකියාවක් නොමැති බව ඔහු විසින් ප්‍රකාශ කළ බවත් මැදමූලන ආරංචි මාර්ග අනාවරණය කර සිටී.

දෛවඥයාගේ පලාඵල කථනයෙන් අනතුරුව මේ වන විට රාජපක්ෂ පවුල තුළ මහත් අරබුදයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

ජනාධිපති අපේක්ෂකයා ලෙස චමල් , ගෝඨාභ, බැසිල් හෝ ශෂීන්ද්‍ර යන අය අතුරින් කිසිවෙකුටවත් ජනාධිපතිවරණය ජය ගත නොහැකි තත්ත්වයක් තුළ , ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න පිලිබඳව මහත ව්‍යාකූල තත්ත්වයක් මේ වන විට මතු වී තිබේ.

මේ තත්ත්වය හමුවේ බැසිල් රාජපක්ෂ මහතාගේ අදහස වී ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ ස්ථාවරයට ගමන්කොට, ඒ සඳහා දේශපාලනයට හෝ රාජපක්ෂවරුන්ට හෝ කිසිදු සම්බන්ධයක් නොමැති රටේ පිලිගත් පුද්ගලයෙකු හඳුනාගෙන ඔහුව ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතුය යන්නය.

ඉදිරි ජනාධිපති අපේක්ෂකයා පිලිබඳව මාධ්‍යවේදීන් විසින් මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ අවස්ථාවලදී , ඔහුට ඒ සඳහා සෘජු පිලිතුරක් ලබා දීමටනොහැකි වී ඇත්තේ මෙම ව්‍යාකූල තත්ත්වය නිසා බව මැදමූලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.