රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශ ඔක්තෝබර් මස 30 වැනිදාට පෙර ලබාදෙන ලෙස ජනපති නියම කරයි

රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශ ඔක්තෝබර් මස 30 වැනිදාට පෙර ලබාදෙන ලෙස ජනපති නියම කරයි
Spread the love

රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශ ඔක්තෝබර් මස 30 වැනිදාට පෙර ලබා දෙන ලෙස ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසම වෙත ඊයේ (27 ) දැනුම් දුන්නේය. 

ඒ තුළින් ඉදිරි අයවැය යෝජනා සම්පාදනයේදී ම`ග පෙන්වීමක් ලබාගත හැකි බවත් රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාව ඉවත් කිරීමට විධිමත් ක‍්‍රමවේදයක් හරහා සුදුසු නිර්දේශයන් කොමිසම මගින් ලබා ගැනීමට හැකි වනු ඇති බවත් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන චක්‍රලේඛ හා විධිවිධාන සම්බන්ධයෙන් හා රාජ්‍ය අංශයේ වැටුප් ආශ්‍රිත ඇති ගැටලු හා විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් පත් කළ අදාළ ජනාධිපති කොමිසම ජනාධිපති කාර්යාලයේදී ඊයේ (27) පළමු වරට රැස්‌වූ අවස්‌ථාවේදී ජනාධිපතිවරයා ඒ බව දන්වා සිටියේය.

එස්‌. රනුග්ගේ මහතා සභාපතිවරයා වශයෙන් ද එච්. පී. සුමනසිංහ මහතා ලේකම්වරයා වශයෙන් ද පත් කොට ඇති එම විශේෂ කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස කේ. එල්. එල්. විඡේරත්න, ටී. පී. කොල්ලුරේ, සී. පී. සිරිවර්ධන, සුධර්මා කරුණාරත්න, ජනක සුගතදාස, ධාරණි එස්‌. විඡේතිලක, ලලිත් ආර්. ද සිල්වා, පී. එස්‌. එදිරිසිංහ, ඒ. ආර්. දේශප්‍රිය, බී. පී. පී. එස්‌. අබේගුණරත්න, වෛද්‍ය පාලිත අබේකෝන්, පී. තංගමයිල්, එස්‌. ඩී. ජයකොඩි, එම්. සී. වික්‍රමසේකර යන මහත්ම මහත්මීහු කටයුතු කරති.

රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන වැටුප් චක්‍රලේඛ විධිවිධාන කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්‌ෂණ කළමනාකරණ සේවයට යෝජිත වැටුප් පරිමාණය ලබාදීමේදී ඇති වන බලපෑම් අධ්‍යයනය කිරීම සඳහා සහ එහිදී මතු වන ගැටලු විසඳීම සඳහා ක්‍රමවේද යෝජනා කිරීම.

මෑතකදී වැටුප් හා දීමනා වැඩි කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කරන ලද දුම්රිය සේවය, සෞඛ්‍ය, උසස්‌ අධ්‍යාපන හා අධ්‍යාපන, තැපැල් සේවය යන ක්‌ෂේත්‍ර සඳහා දැනට ක්‍රියාත්මක වන වැටුප් චක්‍රලේඛ මගින් වැටුප් විෂමතාවක්‌ සිදු වී ඇත්නම් එය අවම කිරීම සඳහා විසඳුම් යෝජනා කිරීම. 

දීප ව්‍යාප්aත සේවාවන්ට අදාළ වැටුප් මෙන්ම කරනු ලැබ ඇති වැටුප් වැඩි කිරීම හේතුවෙන් දැනට පැන නැගී ඇතැයි හඳුනාගෙන ඇති වැටුප් විෂමතාවන් අවම කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම 

සමාන වගකීම් දරන්නා වූ හෝ සමාන සුදුසුකම් සහිත වන්නා වූ හෝ වෘත්තිකයන් විසින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයන්හිදී ලබා ගන්නා වූ වැටුප් හා වේතනයන් සහ දීමනා අතර ඇති විෂමතාවන් අවම කිරීම පිණිස මඟ පෙන්වන වැටුප් හා වේතන ව්‍යqහයක්‌ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම විශේෂ වැටුප් කොමිෂන් සභාවේ කාර්යයන් හා නියමයන් වේ.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ නිලධාරීන් මීට එක්‌ව සිටියහ.