බරවා රෝගය හඳුනාගැනීම සඳහා රුධිර පටල ලබාගැනීමට රාත්‍රි කාලයේ නිවෙස්වලට පැමිණෙන නිල ඇඳුමෙන් සැරසුණු සෞඛ්‍ය නිලධාරීන් ගැන සැක නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් තොරතුරු විමසා දැනගන්නැයි සෞඛ්‍ය සේවා අමාත්‍ය ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පවසයි.
රාත්‍රි කාලයේ රුධිරය ලබාගැනීමට පැමිණෙන නිලධාරීන්ගේ මුවාවෙන් යම් පිරිසක් එච්.අයි.වී. ඒඩ්ස් ආසාදනය කරවන බවට සමහර වෙබ් අඩවි සාවද්‍ය තොරතුරු පතුරුවන බැවින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එසේ ජනතාව දැනුවත් කරයි.
ශ්‍රී ලංකාවෙන් බරවා රෝගය අවම කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සහතික කර ඇතත් එම රෝගය නැවත හිස එසවීම වැළැක්වීම හා සහමුලින්ම තුරන් කිරීමේ අරමුණින් දුෂ්කර තත්ත්ව යටතේ රාත්‍රි කාලයේ නිවෙස්වලට පැමිණෙන්නේ මහජන සෞඛ්‍ය ක්‍ෂේත්‍ර නිලධාරීන් බව හෙතෙම පවසයි.
බරවා ක්ෂුද්‍ර පණුවා රුධිරය තුළට පැමිණෙන්නේ රාත්‍රි කාලයට බැවින් රුධිර පරීක්ෂාවද රාත්‍රියේ සිදු කිරීමට අවශ්‍ය බවද හෙතෙම පෙන්වා දෙයි.
ඒ සඳහා පැමිණෙන නිලධාරීන් නිවැසියන්ගේ මෙන්ම තමන්ගේද ආරක්ෂාව සඳහා නිල ඇඳුමෙන් සැරසී හැඳුනුම්පත පැලඳ සිටින බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.
රසායනාගාරයේදී රුධිර පටල පරීක්ෂා කර හඳුනා ගන්නා රෝගීන්ට නිවෙසටම පැමිණ ප්‍රතිකාරද ලබා දෙනු ඇතැයි පැවැසූ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සාවද්‍ය තොරතුරුවලට නොරැවටී එම සෞඛ්‍ය ක්‍ෂේත්‍ර නිලධාරීන් නොමිලේ සපයන සේවාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට සහයෝගය දෙන්නැයි හෙතෙම මහජනතාවගෙන් ඉල්ලයි.
සාවද්‍ය තොරතුරු පළ කළ වෙබ් අඩවි ගැන සයිබර් අපරාධ පිළිබඳ මධ්‍යස්ථානයට පැමිණිලි කර ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. මෙය හිතාමතා කරන කඩාකප්පල්කාරී ක්‍රියාවකැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් පවසයි.
[rns_reactions]

