ලංකාවට පැමිණි එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මුයින් අලීට කොරෝනා

ලංකාවට පැමිණි එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මුයින් අලීට කොරෝනා
Spread the love

ඉරිදා (3 වැනිදා) දිවයිනට පැමිණීමෙන් අනතුරුව හම්බන්තොට ගුවන්තොටුපළේදී සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මුයින් අලී Moeen ali කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වු බව වාර්තා ෙව්.

නිරෝධායනය පිළිබඳ ශ්‍රී ලංකා රජයේ නීති රෙගුලාසි වලට අනුව මේ වන විට අලී දින 10ක ස්වයං නිරෝධායන කාලයකට යොමුකර ඇත. පසුගිය දිනවලදී අලී ඉතා සමීපව ඇසුරු කළ ක්‍රිස් වෝක්ස්ටද දින 7 ක නිරෝධායන කාල සීමාවක් නියම කර ඇති අතර ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකර ඇත.

මෙම සිදුවීම හේතුවෙන් එංගලන්ත කණ්ඩායමේ සියලුම සාමාජිකයන් සහ නිලධාරීන් හෙට (5 වැනිදා) දෙවැනි වරටත් පී.සී.ආර්. පරීක්ෂණවලට භාජනය කිරීමට නියමිතය.

ටෙස්ට් තරග 2 කට සහභාගි වීම සඳහා දිවයිනට පැමිණි එංගලන්ත කණ්ඩායම අනිද්දා (6 වැනිදා) සිය පළමු පුහුණු සැසිය ආරම්භ කිරීමට සූදානමින් සිටියේය