ලංකාවේ කාලගුණේ නොදුටු මහ විපත වෙන රටවල් කලින්ම දැකලා…! (PHOTOS)

Spread the love

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්තවය හේතුවෙන් මේ වන විට බෝහෝ දෙනා පීඩාවට පත්ව තිබෙනවා.

මේ හේතුව නිසාවෙන් මරණ කිහිපයක් වාර්තා වී අතර ධීවරයින් කිහිපදෙනෙකුද අතුරුදන්ව ඇතැයි වාර්තාවනවා.

දකුණු පළාතේ බොහෝ ප්‍රදේශ වලට තවමත් විදුලිය විසන්ධි වී ඇති අතර ඇතිවූ සුළං තත්වය නිසා බොහෝ නිවාස වලටද හානිවී තිබෙනවා.

කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තුමෙන්තුව (29) නිවේදනය කළේ විදෙස් වාර්තා බලා කුණාටු තත්වයක් පිළබඳව හෝ ගංවතුර අවධානමක් පිළිබඳව ජනතාවට කලබල නොවන ලෙසයි.

නමුත් ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට මෙවැනි කාළගුණ තත්වයක් බලපාන බව විදෙස් වෙබ් අඩවි කිහිපයක් මීට පෙර අණාවරණය කර තිබුණා..

එහි දැක්වුනේ සති මැද භාගය වන විට ශ්‍රී ලංකාවේ කාලගුණ වෙනස්වීමක් හා අධික වර්ෂාපතනයක් දැකගත හැකිවනු බවයි.

වැසි සහ ගිගුරුම් සහිත වැසි සහිත කාලගුණ තත්ත්වයක් දිවයිනට බලපාන බවත්, සති අන්තය වන විට නිවර්තන සුළි කුණාටුව බෙංගාල බොක්ක හරහා අන්දමන් , නිකොබාර් දූපත් හා ශ්‍රී ලංකාව අතර වර්ධනය වීමට ඉඩ ඇතැයිද එම වාර්තාවන්හි සඳහන් වී තිබුණා.


[rns_reactions]