ලංකාවේ නිතිය හෑල්ලුවට ලක්කළ උදයංගට ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදන

ලංකාවේ නිතිය හෑල්ලුවට ලක්කළ උදයංගට ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදන
Spread the love
රුසියාවේ හිටපු ශී‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදනයක් නිකුත් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. 2006 වසරේ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිළදී ගැනීමේදී සිදුව ඇති මූල්‍ය අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙනුයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ. එය පාදක කර ගනිමින් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයද සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා විවෘත වරෙන්තුවක් නිකුත් කළා. එය ජාත්‍යන්තර පොලීසිය මගින් කි‍්‍රයාත්මක කිරීමට කළ ඉල්ලීමට අනුව ජාත්‍යන්තර පොලිස් මූලස්ථානය විසින් නිල නිවේදනයක්ද පසුව රතු නිවේදනයක්ද නිකුත් කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ මෙසේ තිබියදී උදයංග වීරතුංග සමාජ ජාලා වෙබ් අඩවි මගින් විවිධ මාධ්‍ය නිවේදන නිකුත් කරමින් මෙරට යුක්තිය පසිදලීමේ කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් වැරදි ප‍්‍රතිරූපයක් ඇති කිරීමේ උත්සාහයක නිරත වන බවයි. ඔහු කළ යුත්තේ අධිකරණය වෙත ඉදිරිපත් වී තම නිර්දෝශීභාවය ඔප්පු කිරීම බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවා.

විමර්ශන කිරීම සදහා යුක්රේනයට පැමිණි නිලධාරීන් තමාගෙන් කිසිදු ප‍්‍රකාශයක් ලබානොගත් බව උදයංග වීරතුංග ඉකුත්දා ප‍්‍රකාශ කළා. කෙසේවෙතත් පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ විමර්ශන කණ්ඩායම රාජකාරියේ නියැලෙන අවස්ථාවේ උදයංග වීරතුංග යුක්රේනයේ සිට නොමැති බවයි. එම විමර්ශන කණ්ඩායම් වෙත විදේශ ගතවීමේදී රාජකාරී සදහා සාමාන්‍ය රජයේ නිලධාරියෙකුට කරන ගෙවීම්වලට අමතරව වෙනත් කිසිදු මුදලක් ගෙවා නොමැති බවද මෙහිදී තහවුරු කෙරුණා.