ලංකාවේ බල අරගලය අතරතුර LTTEයට සම්බන්ධ වාර්තා චිත්‍රපටයක් කරලියට..

ලංකාවේ බල අරගලය අතරතුර LTTEයට සම්බන්ධ වාර්තා චිත්‍රපටයක් කරලියට..
Spread the love
එල්. ටී. ටී. ඊ. සංවිධානයට සම්බන්ධ කථාවක් පාදක කර ගනිමින් නිර්මාණය කළ වාර්තාමය චිත‍්‍රපටයක් මෙවර බර්ලින් චිත‍්‍රපට උළෙලට ඉදිරිපත් කර තිබෙනවා.

එය නම් කර ඇත්තේ ‘‘මාතාංගී’’ ලෙසයි. ශී‍්‍ර ලාංකික සම්භවයක් ඇති ද්‍රවිඩ ජාතික බි‍්‍රතාන්‍ය හිපොප් ගායිකාවක් ලෙස ප‍්‍රකට මියා නොහොත් මාතාංගි මායා අරූල් ප‍්‍රගාසම්ගේ කථාවක් මෙම චිත‍්‍රපටයට ඇතුළත්.

ඇයගේ පියා ඊරෝස් සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු බවයි පැවසෙන්නේ. අවුරුදු 9යේදී ඇය සිය මව සමග බි‍්‍රතාන්‍යයට පැමිණ තිබෙනවා.

පසුව ශී‍්‍ර ලංකාවට පැමිණ ඇති මාතාංගි උතුරේ තත්ත්වය රූ ගත කර රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. වසර 22කට පෙර එම රූගත කිරීම් සිදු කර ඇති බවද පැවසෙනවා. 

මියා ලෙසින් ප‍්‍රකට ඇගේ සංගීත භූමිකාවේදීද ඇය විසින් ගැයූ ගීත වල ඇතුළත් වන්නේ ශී‍්‍ර ලංකාවේ ද්‍රවිඩ ජාතිකයින්ට සිදුවන විවිධ අසාධාරණකම් පිළිබඳවයි.