මතකද මීට මාසෙකෙට විතර කලින් POP PUNK කියල කොල්ලො දෙන්නෙක් අපි හැමෝම දන්න වස්තිලත් එක්ක එකතු වෙලා අමුතු වීඩියෝ එකක් කරා “හෙල්මට්ස්” කියල.ඒකෙ දෙවෙනි කොටසත් රිලීස් කරල නිසා සුපිරි ගොසිප් අපි ඔබ වෙනුවෙන් මේ POP PUNK ඩබලට කතා කරන්න හිතුව.
ඔවුන්ගේ පලවෙනි ඉල්ලීම තමයි දැනට ඔවුන්ගේ නම් ප්‍රසිද්ධ කරන්න එපා කියන එක. මොකද ඒකත් අමුතු විදිහකට ඉදිරියේදී වෙන්න තියෙනව කියලයි මේ දෙන්න කිව්වෙ. ඒ නිසා කවුද මේ දෙන්න , මොකක්ද මේ දෙන්න එකතු වෙලා කරන්න හදන්නෙ කියන එක ගැන කියන්න විදිහක් නෑ… දැනට මේ දෙන්නව Jeramy සහ Tolamy කියල දැනගමු.
ගියපාර මේ ගොල්ලො එළියට දාපු හෙල්මට්ස් කියන වීඩියෝ එක බලපු ඔයාලට මතක ඇති මේ දෙන්නට වස්තිල නියම කරනව අමුතුම තාලෙ හෙල්මට් දෙකක් දාන්න.ඒ හෙල්මට් දෙකත් දාගෙන මේ දෙන්න වස්තිලගෙ භාරයෙන් එළියට එන තැනින් ඒ වීඩියෝව ඉවරයි.ඒ වීඩියෝ එකට You Tube එකෙයි POP PUNK ෆෑන් පේජ් එකෙයි විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබිල තිබුණ.ගොඩක් අය අනාවැකි පල කරල තිබුණ මේ දෙන්න ලංකාවෙ MUsic Video ක්ෂේත්‍රයේ ලොකු පෙරළියක් කරයි කියල.ඒක ඇත්ත කියල තේරෙන්නෙ මාසයක් විතර නොකර සද්ද ඉඳල පොප් පන්ක් සහා මයිකල් ජැක්සන්ගේ මෙඩලය (හෙල්මට් විප්ලවයේ දෙවන කොටස) විදිහට “චම්පා” කියන Music Video එක රිලීස් කරද්දි.
Agent Calgera කියන ඒජන්ත වරිය මේ POP Punk ඩබලට Meddle එකක් දෙන සිදුවීමකින් තමයි මේ වීඩියෝව පටං ගන්නෙ.Agent Calgera කියන්නෙ ලොකප්‍රසිද්ධ Pop King කියල හඳුන්වන Michel Jacksonගෙ ඒජන්ත වරියක්. Michel Jackson මියයෑමට පෙර මේ Agent Calgera ට පවරපු රාජකාරියක් තමයි මේ මෙඩ්ල් එක පොප් පන්ක් ඩබලට දෙන එක.මේ මෙඩල් එක ගෙනත් දුන්නට ස්තූතිය පලකිරීමක් විදිහට පොප් පන්ක් ඩබල මේ එජන්ත වරියට දෙනව ඔවුන්ගේ අලුත්ම නිර්මාණය වන ” චම්පා ” CD එක.ඔන්න ඔහෙමයි පටං ගන්නෙ ඉතුරු ටික ඔයාලම බලන්න අපි කිව්වොත් එකේ රසය අඩු වෙන නිසා…….
මේ සිංදුවේ melody එක සහ Music composition කරලා තියෙන්නේ පොප් පන්ක් ඩබලම තමයි.වචන ලියලා තියෙන්නේ පොප් පන්ක් , අනුශ්ක උදාන සහ රුවිනි තල්පාවිල.Video concept එකත් පොප් පන්ක් ලගෙ අදහසක් .වීඩියෝ එක Direct & edit කරලා තියෙන්නේ ලක්ශාන් එදිරිසිංහ කියන තරුණ දක්ශ නිර්මාණ කරුවා.
මේ දවස් වල අපේ රටේ ඔය සෑහෙන ජනප්‍රියය කියල හිතං ඉන්න ගොඩක් තිර්මාණ කරුවො තමන්ගෙ නිර්මාණ හිට් කර ගන්නයි වීව්ස් හිඟාකන්නයි ඒව අස්සට හෙළුව ඔබද්දි එහෙම නැතිව ලංකාවේ Music අමුතුම තාලෙකට වෙනස් කරන්න හදන POP PUNK දෙපලට සුපිරි ගොසිප් අපේ ආචාරය!!!!!!
වීඩියෝව නැරඹීමට පහත link එක click කරන්න,
https://www.youtube.com/watch?v=RkCOz4ArPy0&feature=youtu.be