ලංකාවේ සෑම පවුලකටම ඉදිරි සතිය ඇතුළත ශ්‍රීලනිපයෙන් කරුණු 20 ක ප්‍රතිපත්ති ප්‍රකාශනයක්

ලංකාවේ සෑම පවුලකටම ඉදිරි සතිය ඇතුළත ශ්‍රීලනිපයෙන් කරුණු 20 ක ප්‍රතිපත්ති ප්‍රකාශනයක්
Spread the love

ගමේ දිළිඳුකම පිටුදැකීම, ගම නගරය, රට එකතු කරන ආර්ථික දම්වැලක් සකස් කිරීම, ගමට හා නගරයට පිරිසුදු කාර්යක්‍ෂම පාලනයක් ඇති කිරීම, කැළිකසළ නව ක්‍රමයකට කළමනාකරණය කිරීම, නගරයේ සහගමේ මාර්ග පද්ධති නවීකරණය හා තාරුණ්‍ය මුල්කරගත් පිළිවෙතක් යන මූලික කරුණු පදනම් කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් පළාත් පාලන ආයතන මැතිවරණය මූලික කරගනිමින් කරුණු 20කින් යුත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් සකස් කර ඇති අතර සිංහල සහ දමිළ භාෂාවලින් මුද්‍රණය කර තිබෙන මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ලංකාවේ සෑම පවුලකටම ඉදිරි සතිය තුළදී බෙදා අවසන් කරන ලෙස සංවිධායකවරුන්ට උපදෙස් ලබාදී තිබෙන අතර, අපේක්‍ෂකයන් ප්‍රමුඛ පිරිස් නිවෙස් කරා ගොස් අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබාදීමට තීරණය කර තිබේ.