අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගංවතුරෙන් සහ නායයාම් වලින් පීඩාවට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී ඒ මහතා ගමන් කල හෙලිකොප්ටරය ක්‍රීඩා පිටියට ගොඩබෑ පසු පාසල් සිසුන් (කුඩා දරුවන්) පිරිසක් අග්‍රාමාත්‍යවරයා සමීපයට පැමිණීමට උත්සාහ කරන අයුරු අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයේ වීඩියෝවක දැක්වෙනවා.
නමුත් ඒ මොහොතේදී රාජ්‍ය පරිපාලන අමාත්‍ය වජිර අබේවර්ධන විසින් එම දරුවන්ට සීමාවෙන් එහාට නොපැමිණෙන ලෙස දැනුම්දෙන අතර අග්‍රාමාත්‍යවරයා දරුවන්ට ආයුබෝවන් යැයි බවසා එම ස්ථානයෙන් නික්ම යනවා.
රටේ දරුවන්ට ජනාධිපති, අගමැති යනු තමුන්ගේ භාරකරුවායි. ඔවුන් රූපවාහිනියේ දකින ඒ චරිත තමුන් අසලට ආ විට ඔවුන් අසලට පැමිණීම සාමාන්‍ය දෙයක්. ඒ අවස්ථාවලදී ඒ දරුවන්ට සීමා මායිම් දැමීම නුසුදුසු ක්‍රියාවක්.
එම වීඩියෝව පහතින් දැක්වේ
https://www.facebook.com/ranil.wickremesinghe.leader/videos/1053301774769328/
[rns_reactions]

