ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිතවත්කම් මත ක්‍රීඩකයන් තේරීම හේතුවෙන් කිසිඳු තරඟයක් ජය ගැනීමට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලො මැතිව්ස් තරඟ සංචාරයේ යෙදී සිටින මෙරට මාධ්‍යවේදීන් හමුවේ පවසා ඇත.
තිලංග සුමතිපාලගේ තේරීම මත ක්‍රීඩකයන් තෝරන නිසා ඇතැම් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් නැවත් නැවතත් සිතන තැනට පැමිණීමට සිදුවී ඇති බව ඔහු පවසා ඇත.
මේ තත්වය මෙසේ තිබේ නම් තමන් නායකත්වය ගැන තීරණයක් ගන්නා බවත් ක්‍රිකට් තේරීම් කමිටුවද පාලක මණ්ඩලයට බාරදී ගෙදර යායුතු බව ඔහු පවසා තිබේ.
මේ අතර කණ්ඩායම් කළමණාකරු අසංක ගුරුසිංහ සමග ඇති මතභේදයක් නිසා කණ්ඩායමෙ පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් චැම්පියන්ස් කුසලානය අවසන් වූ වහාම ඉල්ලා අස් වීම භාර දීමට සුදානම් බව වාර්තා වී තිබේ.
ගුරුසිංහ සමග ඇති නොහොද නෝක්කාඩු නිසා ෆෝර්ඩ් ට සහය දක්වා සහ ගුරුසිංහ කළමණාකරු තනතුරෙන් ඉවත් කර ගැනීමට ඇන්ජලො මැතිවුස් ද නායකත්වයෙන් ඉල්ලා අස් වීමට සුදානම් වන අතර ඇන්ජලො නැවත්වීමට් ක්‍රීකට් ආයතනයෙ පිරිසක් කටයුතු කරන අතර මෙතෙක් එය සාර්ථක වී නැහැ.
[rns_reactions]