
ලන්ඩන් නුවර රෝහලකදී අලුතින් උපන් බිලිඳෙකුට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙන බව ‘ද ගාර්ඩියන් වෙබ්අඩවිය පවසනවා.
එම බිලිඳා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ ලාබාල තම කොරෝනා ආසාදිතයා බව සැලකෙන බවයි ගාරිඩියන් වාර්තාව වැඩි දුරටත් කියන්නේ.
දරුවාගේ මවට නිව්මෝනියාව වැළඳී ඇතැයි වෛද්‍යවරුන් පළමුව සැක කර තිබූ අතර පසුව ඇයට ද වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු කරගෙන තිබෙනවා. දරු ප්‍රසූතියට පෙර ඇයව වෛද්‍ය පරීක්ෂණයට යොමු කළ අතර, දරුවා බිහිවීමෙන් පසු නිකුත් වූ වෛද්‍ය ප්‍රතිඵල අනුව ඇයට වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ. ඒ අනුව දරුවා ද පරීක්ෂා කර තිබෙනවා.
බිලිඳාට වයිරසය ආසාදනය වූයේ ගර්භාෂයේ සිටියදී ද නැතහොත් දරු උපතේදී ද යන්න මේ වනතෙක් සොයාගෙන නොමැති බවත් බිළිදාට මේ වනවිට ප්‍රතිකාර ලබාදෙමින් සිටින බවද, මව වෙනත් විශේෂ ප්‍රතිකාර ලබාදෙන රෝහලට මාරු කර යවා ඇති බවද ද ගාර්ඩියන් වාර්තාවේ වැඩිදුරටත් සදහන්.