ආන්දෝලනාත්මක ඝාතනයක් බවට පත්ව ඇති මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව ඊයේ (13) රාත්‍රියේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත් වුණා.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ වන විට විමර්ශන කටයුතු සිදු කරමින් පවතින එම ඝාතනය සම්බන්ධයෙන් මෙම සැකකරුගෙන් ප්‍රශ්න කරනු ඇති.
එවකට ගල්කිස්ස ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර පළාත් දකුණ) විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ මෙම සිද්ධියට අදාළව කරුණු වසන් කිරීම යටතේයි.
ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගැනුනු ඔහුව අද (14) දිනයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

