ලිංගික අතවර පැමිණිල්ලක් නිසා ධනුෂ්ක ගුණතිලකට තරඟ තහනමක්

ලිංගික අතවර පැමිණිල්ලක් නිසා ධනුෂ්ක ගුණතිලකට තරඟ තහනමක්
Spread the love
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට එරෙහිව තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත. මේ සදහා හේතුව ලෙස ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩක ආචාර ධර්ම උල්ලංඝනය කර ඇතැයි සඳහන් වේ.
ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස අංශ තුනෙන්ම ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති මෙම තරග තහනම දකුණු අප්‍රිකාවට එරෙහිව දැන් පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අවසානයත් සමග ක්‍රියාත්මක වීමට නියමිතය.
මේ සදහා හේතුව වී තිබෙන්නේ විදේශීය කාන්තාවක් විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක ධනුෂ්ක ගුණතිලකගේ නම සදහන් වීමයි. තමන්ට සිදුවු ලිංගික අතවරයක් පිළිබදව මෙම විදේශීය කාන්තාව පොලිසීයට පැමිණිලි කර තිබේ. ධනුෂ්ක ගුණතිලකගේ සමීපතම මිත්‍රයෙක් මෙම අතවර සිදුවීමේ ප්‍රධාන සැකකරූ වී තිබෙන අතර එම අවස්තාවේ ධනුෂ්ක ගුණතිලකද මිතුරා සමග සිටි බවට මෙම කාන්තාව විසින් කළ පැමිණිල්ලේ දැක්වේ.
එම හේතුව ධනුෂ්ක ගුණතිලකට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්විමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තිරණය කර ඇති අතර එම පරීක්ෂණ අවසන් වන තෙක් තරග තහනම පැවැත්වෙනු ඇති.