ලිංගික ජීවිතය සහ මානසික ආතතිය

ලිංගික ජීවිතය සහ මානසික ආතතිය
Spread the love

මානසික ආතතිය ඔබට බොහෝ ආකාරවලින් සහ ඔබේ සෞඛ්‍යයට බලපායි. එය හිසරදය, බඩේ අමාරුව, අධි රුධිර පීඩනය හෝ පපුවේ වේදනාව වැනි ශාරීරික පීඩාවන්ට හේතු විය හැකි අතර මානසික අවපීඩනය, කාංසාව, සන්ත්‍රාසය සහ තවත් බොහෝ මානසික පීඩාවන් ඇති කළ හැකිය. ස්වාභාවිකවම, ඔබ මානසික ආතතියට පත්වන විට ඔබේ ලිංගික ජීවිතයටද එය දැඩිව බලපායි. 

ආතතිය ඔබේ ලිංගික ජීවිතයට බලපාන ආකාරය සහ ඒ සඳහා කළ යුතු දේ මෙන්න –

1. හෝමෝන අසමතුලිතතාවය Hormonal Imbalance

ඔබේ ශරීරය ආතතියට ලක්වන විට කෝටිසෝල් Cortisol, (ආතති හෝමෝන stress hormone මට්ටම ලෙසද හැඳින්වේ) ඉහළ යයි. කෝටිසෝල් සහ එපිනෙෆ්‍රීන් epinephrine අධික ප්‍රමාණයක් එක්වීම හේතුවෙන් ඔබේ සෞඛ්‍ය සම්පන්න ලිංගිකත්වයට දැඩි බාධා ඇතිවිය හැකිය. කෝටිසෝල් මට්ටම වෙනස් වීම ලිංගික හෝමෝන මුදා හැරීමට බලපාන අතර එමඟින් ලිංගිකත්වය පිළිබඳ ඔබේ උනන්දුව අඩු වේ. එනිසා තෘප්තිමත් ලිංගික ජීවිතයක් ගැන බලාපොරොත්තු වන්නේ නම් අනිවාර්යයෙන්ම ඔබ ඔබේ මනස සන්සුන්ව හා නිරවුල්ව තබා ගන්න, මානසික ආතතිය දුරු කරන සම්බාහනය ලබා ගන්න, නැතහොත් ඔබට එය පාලනය කළ නොහැකි යැයි හැඟේ නම් චිකිත්සකයෙකු හමුවන්න.

2. චිත්තවේගීය වෙන්වීම Emotional Detachment

ස්වාභාවිකවම, ඔබේ ශරීරය ආතතියට පත්වන විට, ඔබ චිත්තවේගීයව මිනිසුන්ගෙන් දුරස් වී ඇති බවක් දැනේ. නැවත සාමාන්‍ය තත්වයට පත්වන තෙක් ඔබ හුදෙකලා වීමට හේතු සහ අවස්ථාවන් සොයයි. මෙම ක්‍රියාවලියේදී, ඔබේ සහකරුගෙන් වෙන් වී ඇති බවක් ඔබට දැනෙන අතර එමඟින් ඔබ දෙදෙනා අතර ඇති සමීප සම්බන්ධතාවය ද දුරස්ථ වේ. අවසානයේදී එය ඔබ දෙදෙනා ලිංගිකව මෙන්ම එකිනෙකාගෙන් ඈත් වීමට හේතුවක් වේ. ඔබ ආතතියට පත්වන හේතු ගැන ඔබේ සහකරු සමඟ සන්නිවේදනය කරන්න. එය ඔබගේ සම්බන්ධතාවය සම්බන්ධයෙන් යමක් නම්, ඒ ගැන කතා කිරීම නිසැකවම උපකාරී වනු ඇත.

3. ශිෂේණය ඍජු නොවීම Erectile Dysfunction

මානසික ආතතිය ඔබේ ලිංගික ජීවිතයට බලපාන තවත් බොහෝ හේතු අතර, ශිෂේණය ඍජු නො වීම විශාලතම බලපෑම් වලින් එකකි. මානසික ආතතිය ඇති වූ විට සහ මිනිසෙකු ශිෂේණය ඍජු වීම දුර්වල වන විට එය ඍජුව ලිංගික සම්බන්ධතාවලට ඍණාත්මකව බලපායි. මෙම තත්වයන් පිළිබඳව ඔබ හොඳින් දැනුවත්ව සිටීම වඩා හොඳ වන අතර ඔබේ සහකරු එය අත්විඳින්නේ නම් කලබල නොවන්න. ඔබට එය ජය ගත හැකි ක්‍රම තිබේ.