ඉදිරි පලාත්පාලන මැතිවරණයට නව ජවයක් ලබා දීම සදහාත් ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ (පොහොට්ටුව) පාක්ෂිකයන්ගේ සැකය දුරුකිරීමත් සඳහාත් එළබෙන 2 වනදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මහ සමුළුවේදී මහින්ද විශේෂ ප්‍රකාශයක් කිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වීමටත් නව සන්ධානයේ නායකත්වය භාර ගැනීමටත් සැලසුම් කොට ඇතැයි දැනගැනීමට ඇත.
මෙම තීරණය පිලිබදව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සුළු මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රසාදය පල කරත් අනෙක් බහුතර මන්ත්‍රීවරුන් මෙයට විරුද්ධ වී ඇත.මහින්ද රාජපක්ෂ නිදහස් පක්ෂයෙන් ඉවත් වුවහොත් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්රිධුරයද අහිමි වන අතර අනෙක් මන්ත්‍රීවරුන් ඔවුන්ගේ පාර්ලිමේන්තු අසුන මහින්ද වෙනුවෙන් පුජා කිරීමට අකමැත්තක් දක්වා ඇත.
හෙට දිනයේ මෙම සිදුවීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ බහුතර ශි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් මහින්ද හැරදා නිදහස් පක්ෂයට සම්බන්ධ වී පාර්ලිමේන්තු අසුනේ රැදෙනු ඇත.

