නාගීනා චිත්‍රපටය හරහා ලොවක් වසඟ කල ගත් බොලිවුඩ් සිනමාවේ ප්‍රථම නිළිය ලෙස සැළකෙන ශ්‍රී දේවී ඊයේ (24) රාත්‍රියේ ජීවන ගමනට සමු දුන්නේ ලොවක් හඬවමින්.
ඩුබායි රාජ්‍යයේ මංගල උත්සවයකක් සඳහා සහභාගී වීමට ගොස් සිටියදී ඇතිවූ හදිසි හෘදයාබාධ තත්වයක් හේතුවෙන් ඇය මරණයට පත්වූ අතර ඇය මිය යන විට 54 වන වියේ පසුවුනා.
වයස අවුරුදු 4 දී සිටම චිත්‍රපට ක්ෂේත්‍රය තුල මනා දස්කම් පෙන්නූ ඇය දෙමළ, තෙලිගු, මලයාලම් මෙන්ම හින්දි චිත්‍රපටවලට රංගනයෙන් දායක වූ අතර තම සිනමා ජීවිතය තුල 150 ට අධික චිත්‍රපට සංඛ්‍යාවකට තම රංගන දායකත්වය ලබා දෙන්නට ඇය කටයුතු කලා.
ඉන්දීය රජය විසින් ලබාදෙන ඉහළම සම්මානයක් වන පද්ම ශ්‍රී සම්මානයෙන් පවා පිදුම් ලැබූ ලොවක් ආදරය කල මේ රංගන ශිල්පිණිය වෙනුවෙන් ලොවපුරා ප්‍රසිද්ධ තරු තම ශෝකය ප්‍රකාශ කර තිබුනේ මෙලෙසින්.