ලොව වයස්ගතම මිනිසා දිවි සැරිය නිමා කරයි….

Spread the love

මෙතෙක් ලොව වැඩිම කාලයක් ජීවත් වූ පුද්ගලයා බවට සැලකෙන ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා කලාපයේ පදිංචිව සිටි සොදිමෙජ්ජෝ අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 146 ක්. 

‘ගොතේ සීයා’ ලෙසිනුයි ඔහු ජනාදරයට පත්වී තිබුණේ. සොදිමෙජ්ජෝ සතුව තිබූ ලියකියවිලිවලට අනුව ඔහු උපත ලබා තිබුණේ 1870 වසරේයි. 

එහෙත් අලූත උපන් දරුවන්ගේ නම් ලේඛණගත කිරීම ඉන්දුනීසියාව විසින් ආරම්භ කරනු ලැබුවේ 1900 වසරේදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

මීට පෙර විදෙස් මාධ්‍ය සමග ඉකුත් වසරේ පැවති සාකච්ඡාවකදී දිගුකල් ජීවත්වීමේ රහස කුමක් දැයි ඔහුගෙන් විමසීමක් කර තිබුණා. 

පිළිතුරු ලෙස ඔහු ප‍්‍රකාශ කර තිබුණේ ආදරය දක්වන හා රැකබලා ගන්නා පුද්ගලයින් තමන් සමග සිටීම ඊට හේතුව බවයි. 

නිල වාර්තාවලට අනුව ලොව වයස්ගතම පුද්ගලයා ලෙසට සැලකුණු ඉතාලියේ එමා මොරානෝ ඉකුත් අපේ‍්‍රල් 16 වනදා ජිවිතක්‍ෂයට පත් වුණා.