ලෝකයේම මත් ද්‍රව්‍ය මැඩලන්න අපි එකතුවෙමු – ඇමති රාජිතගෙන් යෝජනාවක්!

Spread the love

ආසියානු කලාපයේ මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම පිළිබඳ යෝජනාවක් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවට ඉදිරිපත්කර තිබෙනවා.

ඒ ස්විට්ස්ටර් ලන්තයේ ජිනීවා නුවර පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභා රැස්වීමේදියි. ඊයේ (01) ආරම්භ වූ මෙම සමුළුවේදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න එම විධායක සභාවට තේරී පත් වුණා. එම සභාවට තේරී පත්ව ඇත්තේ ආසියානු රටවල් හතරක සෞඛ්‍ය අමාත්‍යවරුන් පමණක් වීම ද විශේෂත්වයක්.

[rns_reactions]