නිල් චිත්‍රපට රංගනයෙන් ලොව පුරා ජනප්‍රිය වුනු බ්‍රිතාන්‍යය ජාතික නිවුන් සොහොයුරියන් දෙදෙනෙකු වුනු අලීනා පාකර් සහ ශාෂා පාර්කර් හට මාස හයක සිරදඬුවමක් නියමකිරීමට ඩුබායි අධිකරණයක් විසින් කටයුතු කර තිබෙනවා. එසේම මෙම සිර දඬුවම නියම වූ වහාම ඔවුන් දෙදෙනා රටින් පිටුවහල් කරන ලෙසද අධිකරණය නියෝග කර තිබෙනවා
බීමතින් පොලිස් නිලධාරිනියකට පහරදීමක් සම්බන්ධයෙන් වරදකාරියන් කරමිනුයි ඔවුන් දෙදෙනාට මෙම දඬුවම නියම කර තිබෙන්නේ. බෙලරුස් ජාතිකයන් වන මේ සහෝදරියන් දෙදෙනා බ්‍රිතාන්‍යයට පැමිණ එහි පුරවැසිභාවය ලබාගෙන ඇත්තේ නීති උපාධිය ලබාගැනීම සදහා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ.