ලෝකෙම බලා සිටි ප්‍රකාශය මෙන්න.. ශ්‍රී දේවිගේ අවසන් මොහොත ගැන සැමියා කියන කතාව මෙන්න…!!

ලෝකෙම බලා සිටි ප්‍රකාශය මෙන්න.. ශ්‍රී දේවිගේ අවසන් මොහොත ගැන සැමියා කියන කතාව මෙන්න…!!
Spread the love

සුපිරි බොලිවුඩ් තාරකාවක් වූ ශ්‍රීදේවි ඩුබායි නුවර සුපිරි හෝටලයකදී හදීසියේම මිය යෑමත් සමඟ  ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවුනේ ඇයගේ මරණය සම්බන්ධයෙන් විවිධ මත පලවීමත් සමඟයි.

ශ්‍රී දේවීගේ මරණය සිදුවුන දා ඇයගේ සැමියා වන චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර්ගේ හැසිරීමද බොහෝ දෙනාගේ සැකයට බඳුන්වී තිබුනා. කෙසේ වෙතත් ඇයගේ මරණය සම්බන්ධයෙන් බොනී කපූර් සිනමා විචාරකයෙකු වන කෝමල් නාථා හට සවිස්තරාත්මක හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.

මේ පිළිබඳව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුනේ මෙලෙසින්.

මට ශ්‍රීදේවි පුදුමයට පත් කරමින් ඩුබායි වල සාප්පු සවාරියක නිරතවෙන්න අවශ්‍යතාවයක් තිබුණා. ඒ අපේ දියණිය  ජාන්වි වෙනුවෙන්. මම පෙබරවාරි 20 වනදා ඩුබායි වල තිබුණු මංගල උත්සවයෙන් පසුව නැවතත් පෙබරවාරි 22 වනදා ලක්නව් නුවර ආවා.

ඒ වෙලාවෙ  ශ්‍රීදේවි ඩුබායි හෝටලයේ විවේක ගන්න නතරවෙලා හිටියෙ. 24 වෙනිදා ශ්‍රී දේවි මට කතා කරා. ඒත් මම ඩුබායි වෙත එනවා කියලා ඇයට කිවුවෙ නෑ. කොහොම වුනත් එදා හවස  3.30 ට ඩුබායි වලට ආපු මම හවස 6.30 විතර හෝටලය ආවා. ඇවිත් ශ්‍රී දේවිගේ කාමරයට ගියේ අමතර යතුර පාවිච්චි කරලා.

ඒ වෙලාවෙ ශ්‍රී දේවි ගොඩාක් පුදුම වෙලා මාව සිප වැළඳ ගත්තා. අපි පැය භාගයකට ආසන්න කාලයක් සතුටු සාමිච්චියේ යෙදුනා.ඊට පස්සේ සාප්පු සවාරිය යන්න තිබුණු අදහස දවසකින් කල් දාලා ශ්‍රී දේවි නාන කාමරය වෙත ගියා. පසුව මම රූපවාහිනිය නරඹමින් හිටියෙ.

රෑ  8 පමණ වනතුරුත්  ඇය නාන කාමරයෙන් එළියට ආවෙ නැති නිසා මම දොර ආමාරුවෙන් ඇරලා බැලුවා. ඒ වෙලාවෙ මට දැකගන්න ලැබුනෙ ශ්‍රී දේවි  නාන කාමරයේ ටැංකිය තුළට වැටිලා ඉන්නවා. ශ්‍රී දේවිගේ මරණය ගැන මට කිසිම සැකයක් නැහැ.