වටේ ගිය රාජ්‍ය බැංකු නැවතත් ජනපති මෛත්‍රීගේ මුදල් අමාත්‍යංශයට…

වටේ ගිය රාජ්‍ය බැංකු නැවතත් ජනපති මෛත්‍රීගේ මුදල් අමාත්‍යංශයට…
Spread the love

ඊයේ දිවුරුම්දුන් අමාත්‍යාංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ ගැසට් නිවේදනය මේවන විට සැකසෙමින් තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසනවා.

මෙවර රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යංශය වෙනස්වීම හේතුවෙන් මෙතෙක් එම අමාත්‍යංශය යටතේ පැවැති රාජ්‍ය බැංකු මීට පෙර පැවැති ආකාරයටම මුදල් අමාත්‍යංශය යටතට පත් කිරීමට නියමිතව ඇතැයි ද එම අමාත්‍යංශ ආරංචි මාර්ග කියා සිටිනවා.

රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යවරයා ලෙස පත්කරුනු ලැබුවේ ලක්ෂමන් කිරිඇල්ල මහතා වන අතර ඊට පෙර එම අමාත්‍යංශය පැවැතියේ කබීර් හෂීම් මහතා යටතේයි.