වඳ පෙති නිසා රට ගිනිගෙන තිබු මොහොතක පසුගිය දිනෙක ඒකාබද්ධ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට විශේෂ සාදයක් මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිවසේදී පැවැත්වුනු බව අපට වාර්තා වේ..
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට පෙර වට දෙකකින් පළාත් පාලන නියෝජිතයන්ට හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබුණි.
ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනාම පැමිණ සිටි එම සාදය ආරම්භ වූයේ සවස හයයි තිහට පමණය. සාදයේදී මේසයෙන් මේසයට ගිය මහින්ද ඔවුන් සමග සුහදව කතා කිරීමට අමතක කළේ නැත.
සාදය ආරම්භවී පැය තුනක් පමණ යන තෙක් මහින්ද මන්ත්‍රීවරු සමග ගත කළේය. රාත්‍රී නමයට පමණ වාදක මඩුල්ලක් විසින් සංගීත ප්‍රසංගයක් ද පැවැත්වුවේය. එහිදී මුලින්ම ගීත ගායනා කිරීමට පැමිණියේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාය. ගුණදාස කපුගේගේ දවසක් පැල නැති හේනේ ගීතයෙන් ආරම්භ කළ විමල් එක දිගට ගීත දහයක් පමණ ගැයුවේය. විමල් ගීත ගායනා කිරීම අවසන් කළේ ඔහුගේ දියණිය සමග දම්පාටින් ලා සඳ බැසයනවා ගීතය ගායනා කරමිනි.
මේ වන විට පියල් නිශාන්ත මන්ත්‍රීවරයාත් සංගීත කණ්ඩායම අසලට ගොස් සිටියේ ගීතයක් ගායනා කිරීමටය. එහෙත් විමල් මයික්‍රපෝනය අතහරින පාටක් පෙනෙන්න තිබුණේ නැත. ගීත ගායනා කිරීමට ගිය පියල්ට සිදුවූයේ බොංගෝවක් වාදනය කරමින් විමල්ට සහාය දීමටය. විමල් මයික්‍රපෝනය අතහැරීමෙන් පසුව පියල් සුපුරුදු පරිදි කුණ්ඩුමනී ගීතය ගැයුවේය. ඔහු කුණ්ඩුමනී ගීතය ගායනා කරන විට පවිත්‍රාත් කාංචනත් වේදිකාව අසලට වී නර්තනයක යෙදුනේය. එහෙත් සැමගේ සිත් ගත්තේ සාදය ආරම්භයේ සිට ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා නැටු නන්ස්ටොප් නැටුමය.
විශේෂ සිදුවීම වන්නේ වෙනදාට මෙවැනි සාදවල ඉදිරියෙන්ම සිටින ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා සාදයට පැමිණ නොසිටීමය..