නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාට අමාත්‍යාංශයේ විෂය පථයෙන් වැඩි වගකීම් ප්‍රමාණයක් පවරාදීමට විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා තීරණය කර සිටියි.
විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා මේ තිරණය ගෙන ඇත්තේ තරුණ දේශපාලඥයෙකු ලෙස වසන්ත සේනානායක මහතාට සිය දේශපාලන ඉදිරි ගමන සාර්ථක කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරදීම සඳහාය.
අමාත්‍ය රවි කරුණානායක මහතා ගෙන තිබෙන තීරණයට අනුව තමන් උනන්දුව දක්වන විදේශ කටයුතු අමාත්‍යාංශයේ විෂයයන් ගැන වහාම දැනුම් දෙන්නැයි ද නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාට දැනුම් දී තිබේ.
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාට පැවරෙන විෂයයන් අතර අන්තර්ජාතික හා ජාතික මට්ටමේ කාර්යභාරයන් රැසක්ද තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට අමතරව හැකි සෑම අවස්ථාවකදීම තමන් සහභාගී වන මාධ්‍ය, පුවත්පත් සාකච්ඡාවලට සහභාගී වී ඒ අංශයෙන් අවශ්‍ය කරන දේශපාලන පන්නරය හා පුහුණුව ලබන ලෙසද රවි කරුණානායක මහතා සිය නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුම් දී තිබේ.
[rns_reactions]