පුරා වසර 06 ක කාලයක් ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ බිම් බෝම්බ හඳුනාගැනීමේ කණ්‌ඩායම සමඟ එක්‌ව කටයුතු කළ “ශීරා-යෑන්කි” නමැති ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයා සොඳුරු සමුගැනීමකින් පසුව පසුගියදා යළි ඇමරිකා එක්‌සත් ජනපදය බලා පිටත්ව ගිය ගියේය.
මෙරට ගත කළ කාලය තුළ ශීරා උතුරු ප්‍රදේශයේ අධික ලෙස බිම් බෝම්බ අතුරා තිබු වර්ග මිටර් 62,680 ක භුමි ප්‍රදේශයක් ආරක්‍ෂිත තත්ත්වයට පත්කිරීමට දායකත්වය ලබාදෙනු ලැබීය.
“ශීරා-යෑන්කි” සහ එම සුනඛයාගේ හසුරවන්නා වු ඉංජිනේරු රෙජිමේන්තුවේ කෝප්‍රල් ටී.කේ.ඩී. රාජපක්‌ෂ විසින් මන්විල්, අනන්තපුරම්, වෙල්ලමුල්ලිවයික්‌කාල්, මහාමිල්ලම්කුලම්, කුඹුරුමුල්ල සහ කොමන්තුරෙයි යන ප්‍රදේශයන්හි බිම් බෝම්බ සෙවීමේ රජකාරීන්හි නිරත වු අතර එහිදී පුද්ගල නාශක බෝම්බ 16 ක්, අත් බෝම්බයක්, පුපුරා නොගිය වෙඩි ද්‍රව්‍ය 01 ක් සහ ආර්පීජී බෝම්බ 03 ක් සොයාගෙන ඇත.
මත්තේගොඩ පිහිටි ප්‍රධාන ක්‌ෂේත්‍ර ඉංජිනේරු කාර්යාලයේ පැවති හමුවකදී ශ්‍රී්‍ර ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් මෙම සුනඛයා ඇමරිකා එක්‌සත් ජනපදයේ ස්‌ථානගත මාර්ෂල් ලිගර්සි ආයතනයේ කිම්බර්ලි මැක්‌කස්‌ලන්ඩ් මහත්මිය වෙත නිල වශයෙන් භාරදුන් අතර එම අවස්‌ථාව සඳහා සුනඛයාගේ හසුරවන්නා වූ කෝප්‍රල් රාජපක්‌ෂ ද එක්‌විය.
2009 ජුනි මස 05 වන දා උපත ලද මෙම සුනඛයා 2011 ජුනි මස 24 වන දින ශ්‍රී ලංකාවට රැගෙන ආ අතර 2011 දෙසැම්බර් 12 දින තෙක් පැවති පුහුණුවකින් අනතුරුව යුද්ධ හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය වෙත අනුයුක්‌ත කරන ලැබීය.
මෙහිදී මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් මාර්ෂල් ලිගර්සි ආයතනය විසින් බෝම්බ නිෂ්ක්‍රීය කාර්යන් සඳහා ඉතා උසස් මට්‌ටමේ සුනඛයන් ශ්‍රී ලංකාව වෙත ලබාදීම සැබැඳිව එම ආයතනය වෙත සිය ප්‍රසංශාව පළ කළ අතර මෙම අවස්‌ථාවට එක්‌වු ප්‍රධාන ක්‌ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න සහ ඉංජිනේරු බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එස්.ඡේ.එම්.ඒ.ආර්. සෙනවිරත්න විසින් මෙම සුනඛයා ශ්‍රී ලංකා යුද හමුදාවට ලබාදුන් දායකත්වය ඇගයීමට ද ලක් කළේය.
[rns_reactions]

