වසර 13 කට පසු සිංගප්පූරු රාජ්‍ය නායකයෙක් ලංකාවට

වසර 13 කට පසු සිංගප්පූරු රාජ්‍ය නායකයෙක් ලංකාවට
Spread the love

සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සෙයින් ලූන් මහතා 22 දා දිවයිනට ළගාවීමට නියමිත ඔහු 23දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතය. ජනපතිවරයාගේ ආරාධානාවක් මත අගමැතිවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයට එක්වෙන අතර ජනපතිවරයා හා පැවැත්වෙන සාකච්ඡාවලදී සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්ස් කිරීමට නියමිතය.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වෙයි. ඔහු නැවතත් 24 දා දිවයිනෙන් නික්ම යෑමට නියමිතියි.

මොසේ සිංගප්පූරු රාජ්‍ය නායකයෙක් ලංකාවට පැමිණෙන්නේ වසර 13කට පුසුව වීම විශේෂත්වයකි.