වැටුප් වැඩි වනවාට පක්‍ෂවල නායකයෝ ඒකමතිකව එකඟ වුනා

වැටුප් වැඩි වනවාට පක්‍ෂවල නායකයෝ ඒකමතිකව එකඟ වුනා
Spread the love

මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම පසුගිය මස (ජුලි) 17 දා පැවති පක්‍ෂ නායක රැස්‌වීමේදී ඒකමතිකව අනුමත වූ බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පැවසයි.
 
 එම රැස්‌වීමට පැමිණ සිටි ඒකාබද්ධ විපක්‍ෂයේ කණ්‌ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මෙන්ම ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරු ද ඊට අනුමැතිය ලබාදුන් බව හෙතෙම සඳහන් කළේය.
 
 මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධව මාධ්‍ය කළ විමසීමකදී මේ බව ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේය.